Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මොකක්ද මේ Keylogger? (Keylogger part 1)

by Unknown  |  in Hacking Methods at  Friday, November 15, 2013



ගුඩ් මොර්නින් මයි ඩියර්,ඔන්න නිදිමතකුත් එනවා.හරි මම අද ඔයාලට කියන්න හදන්නේ Keylogger  කියන්නේ මොනවද කියලා. Keylogger ලිපි මාලාවක් තියෙන නිසා මට ලියන්න වෙලාවක් තිබුනේ නෑ.කමක් නෑ.ඔන්න Keylogger ඒකේ පලවෙනි ලිපිය.තේරෙන විදිහටම මුල ඉදන් යමු.අනිත් ලිපි ටිකත් හෙමීට දාන්නම්කෝ.

මේකා පටන් ගත්ත ගමන් කී ලොගර් ගානවා.මොකක්ද මේ කී ලොගර්.?

 Keylogger කියන්නේ පරිගණකයක ඇති දත්ත හොරකම් කිරීම සදහා හදපු මෘදුකාන්ගයක්.පරිගණකයේ යූසර්ට හොරෙන් එයා කරන කියන දේ පහසුවෙන්ම හැකර් කරුවාගේ අතට යන ක්‍රමයක්.ප්‍රධාන වශයෙන්  Keylogger වර්ග 2යි.

1) Inbound Software Keylogger
2) Remote Software Keylogger



1)Inbound Software Keylogger කියන්නේ මෙන්න මෙවුවා.




මේක  බොහොම සරල ක්‍රමයක්.මේක එච්චර භාවිතා වෙන් නෑ. මේ ක්‍රමයෙන් කරන්නේ හැකර්කරු පරිගණකයක් වෙත ගොස් එම පරිගණකයේ අදාල  Keylogger වැඩසටහනක් ස්ථාපනය කර පරිගණකයේ යුසර්ට හසු නොවන පරිදි සැකසීමය.ඒ කිවුවේ කැෆේ එකක වගේ..

මෙන්න මේ දත්තයි Inbound Software Keylogger භාවිතයෙන් සොරකම් කරන්නේ..


Web Cam Snapshot
මේකෙන් සිද්ධ වෙන්නේ යූසර්ට හොරෙන් Web Cam එක ආධාරයෙන් Snapshot ඇරන් හැකර් කරුවාට යැවීමයි.Snapshot ලබා ගන්නා කාලය සැකසිය හැකියි.

Screenshot
මේකෙන් වෙන්නේ යූසර්ට හොරෙන් පරිගණකයේ Screenshot ගැනීමයි.  ඊට පස්සේ හැකර්කරුවාට යවනවා.Screenshot ලබා ගන්නා කාලය සැකසිය හැකියි.

Visited Web Sites
මේකෙන් වෙන්නේ යූසර් අන්තර්ජාලයේදී කරන කියන සෑම දෙයක්ම හැකර් කරුවාගේ අතට පත්වීමයි.ඒ කිවුවේ ටයිප් කරන Username,Password  වගේම යන වෙබ් අඩවි ගැන සම්පූර්ණ වාර්ථාවක් සොරකම් කිරීමයි.

Used apps
මේකෙන් සිද්ධ වෙන්නේ යූසර් භාවිතා කරන මෘදුකාන්ග පිලිබද තොරතුරු හැකර් කරුවාගේ අතට යැවීමයි.

මෙන්න මේ කියන ඒවා හොරෙන් ලබාගෙන හැකර්කරුවාගේ එකට email හෝ web/FTP server එකට sendකරනවා.
මම මේ කිවුවේ සාමාන්ය Keylogger එකක තියෙන දේ.මීට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන් කී ලොගර් තියෙනවා.


2) Remote Software Keylogger කියන්නේ මෙන්න මෙවුවා.



මේක තමා දරුණුම Keylogger එක.හැකර්කරු මේ වැඩසටහන ස්ථාපනය කරන්නේ ඔයාටත් නොදැනිම ඔයාගේ පරිගණකයේදීමයි.ඒ කොහොමද? එහෙම කරන්නේ අදාල email,web/FTP server details  එහෙම ඇතුලත් කරලා හැකර්කරු පොඩි .exe එකක් හදනවා.ඒ .exe එක තවත් software එකකට හරි නැත්නම් error msg එකක් විදිහට හරි attach කරලා ඔයාට ලැබෙන්න සලස්වනවා.එහෙම උනාම ඒ Keylogger එක ඔයාටත් නොදැනිම ඔයාගේ පරිගණකයට Install වෙන්න පටන් ගන්නවා.ඔයා computer එක On කරන වාරයක් පාසා ඒ වැඩසටහනත් ඔයාටම නොදැනිම Run වෙනවා.එහෙම උනාම ඔයාගේ පරිගණකය සම්පූර්ණයෙන්ම හැකර්කරුගේ දැහැනට වැටිලා ඉවරයි.

ඔයා කී බෝඩ් එකෙන් ටයිප් කරන Username,Password ඔක්කොම සොරාගන්නවා.ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ, යන වෙබ් අඩවි මොනවද මේ ඔක්කොම හැකර් කරුගේ email එකට හෝ web/FTP server එකට send වෙනවා.




මම හිතනවා මම ඔයාලට මේක තේරෙන්න කියලා දුන්නා කියලා.තේරුනේ නැත්නම් අහන්න. හොදට මතක තියාගන්න මේ හැකින් ගැන දාන්නේ ඉගෙන ගන්නයි.නැතුව කාටවත් පීඩාවක් කරන්න නෙමේ.තමන්ගේ පවු තමන්ටම තමා ඈ..

ඉදිරියෙදී Inbound Software Keylogger ගැනත් Remote Software Keylogger ගැනත් , Keylogger එකක් හදාගන්නේ කොහොමද යූසර්ට යවන්නේ කොහොමද,Keylogger භාවිතයෙන් දත්ත හොරකම් කරන්නේ කොහොමද,මේ හැමදේම කියලා දෙනවා. එතකන් ඉතින් ඉන්නකෝ.. වැඩකට යන්න තියෙනවා.ලිපිය කලින්ම ඉවරෙන්නයි යන්නේ.මම එහෙනම් කැපුණා..ජය!

2 comments:

  1. නියමයි යාලුවා.ඊ ලග කොටස එනකන් බලාන ඉන්නවා..මරු!

    ReplyDelete
    Replies
    1. එල එල මචෝ..ටයිම් තියෙන වෙලාවක අනිවා දානවා..ජය!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.