Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

පරිගණක ජාලකරණයේ වාසි/අවාසි

by Unknown  |  in පරිගණක ජාලකරණය at  Friday, August 09, 2013






පරිගණක ජාල භාවිතයේ වාසි(Advantages of Computer network)

  • වේගය(Speed)
පරිගණක ජාලයකදී පරිගණකය හා අනෙකුත් උපාන්ග එකිනෙක හා හොදින් සම්බන්දව ඇති නිසා ඉතාමත් පහසුවෙන් සහා වේගයෙන් දත්ත හා තොරතුරු එහා මෙහා කිරීමේ හැකියාවක් ලැබේ.

  • වියදම(Cost)
පරිගණක මෘදුකාන්ග සදහා වැයවන අධික වියදම පිලිබදව සලකා බැලීමේදී පරිගණක ජාලයක් ගොඩනැගීම තුලින් පරිගණක මෘදුකාන්ග සදහා වැය වන අධික වියදම් ප්‍රමානය පහසුවෙන්ම අඩු කර ගැනීමට හැකි වනු ඇත.පරිගණකය වෙන් වෙන්  ව භාවිතා කිරීමේදී සෑම පරිගණකයක් සදහාම වෙන වෙනම් මෘදුකාන්ග මිලට ගැනීමට සිදුවීම මෙම අධික පිරිවැයට හේතුවකි.පරිගණක ජාල තුලදී පරිගණක ජාල සදහා නිර්මාණය කරන ලද අදාළ මෘදුකාන්ගවල සන්ස්කරණයන් මිලදී ගැනීමෙන් වියදම් අඩු කරගත හැකි අතර නිදහස් හා විවෘත මෘදුකාන්ග(Free and Open Source softwere-FOSS) භාවිතා කරන්නේනම් ඒ සදහා කිසිදු මුදලක් වැය කල යුතු වන්නේද නැත.

  • ආරක්ෂාව(Security)
පරිගණක ජාල තුළදී දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම සදහා විවිධාකාරයෙන් පියවර අනුගමනය කරනු ලබන අතර එම නිසාඅ පරිගණක ජාලවලදී වැඩි ආරක්ෂිත බවක් පවත්වාගෙන යා හැකිය.

  • මධ්‍යගත මෘදුකාන්ග පාලනය පහසුවීම(Centralized Softwere Management)
පරිගණක ජාලයක් තුලදී පරිගණකවල ස්ථාපනය කර ඇති මෘදුකාන්ග එක් ස්ථානයක සිට හැසිරවීමේ හැකියාව තිබේ.එනම් මෘදුකාන්ග මධගතව පාලනය කළ හැකි වීමයි.

  • සම්පත් පොදුවේ භාවිතා කිරීම(Sharing of resources)
විශේෂයෙන්ම මිල අධික විශේෂිත උපාන්ග පරිගණක ජාල තුළදී පොදුවේ භාවිත කිරීමට හැකිය.උදාහරණයක් ලෙස පරිගණක ජාලයකදී පරිගණක රාශියක් සදහා එක් මුද්‍රණ යන්ත්‍රයක් පමණක් භාවිතා කිරීම පෙන්වා දිය හැක.

  • විද්‍යුත් තැපෑල(e-mail/electronic mail)
පරිගණක අතර ඉතාමත් පහසුවෙන් තොරතුරු හුවමාරු කිරීම සදහා විද්‍යුත් තැපෑල භාවිතා කළ හැකිය.

පරිගණක ජාලවල අවාසි (Disadvantages of Computer network)

  • ඇතැම් පරිගණක ජාලවල ප්‍රධාන පරිගණකයේ බිදවැටීම සම්පූර්ණ පරිගණක පද්ධතියේම ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

  • ජාල පද්ධතියේ ඇතිවන දෝශ නිසා සම්පත් අහිමි වීමට ඇති ඉඩකඩ

  • ජාල පද්ධතියේ ඇතිවන දෝශ නිසා දත්ත සහා තොරතුරු විනාශ වීම හෝ අවුල් වීම.

  • බාහිර පුද්ගලයන්ට පහසුවෙන්ම පද්ධතියට ඇතුල් වී එහි දත්ත හා තොරතුරු සොරා ගැනීමට හැකි වීම.

  • ඇතැම් විටක පද්ධතියේ ක්‍රියාකාරීත්වය පහළ මට්ටමකට පත්වීම(කාර්යක්ෂමතාව අඩු වීම)

  • ඇතැම් විටක අවශය කරන සම්පත් වෙතට භාවිත කරන්නාට ළගා විය නොහැකි වීම.

  • ජාලය පාලනය කිරීම පහසු කටයුත්තක් නොවීම.මේ සදහා විශේෂිත පරිගණක මෘදුකාන්ග ද විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරීන්ද අවශ්ය වේ.

ඊලග පෝස්ට් එක Network topology ගැන.

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.