Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ෆෝන් එකෙන් නිකන් SMS යවමුද? (Mobile app එකක්)

by Unknown  |  in ෆෝන් at  Tuesday, August 27, 2013



  
                          කොහොමද කට්ටියට.දවස් කීපයකින් ආයෙත් පෝස්ට් එකක් ඇරන් ආවා.අවුලක් නෑනේ... ලාවට වැහි පොද වැටෙන හැන්දෑවේ කොම්පීතරේ දකිනකොට ඉන්න බෑ ඉතින්.ඒක නිසා පොස්ට් එකක් දාන්නම් කියලා බ්ලොගියට ගොඩ වැදුනා..

කට්ටිය SMS එහෙම කොටනවා ඇතිනේ..(කොටන් නැති එකෙක් නෑ බන් අද) කොටලා කොලටා ඇගිලිත් රිදෙනවා ඇති.කෝල් එකක් ගන්නවට වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ කෙටි පනිවුඩනේ.. ඔන්න කියනකොටම SMS එකක් ආවා. අපෝ..නිවුස් ඇලට්.අපිට ආවොත් ඉතින් ඔහොම එකක් තමා..





Airtel,etisalat,Hutch,Dialog ඔය මොන නෙට්වර්ක් එකක් ගත්තත් සල්ලි කැපෙනවනේ.. සල්ලි කැපෙන් නැතිව SMS යවන්න ආසද.(මොකාද ආස නැත්තේ නේද,)



 
සුවදැති කොළවල පෙම් වදන් ලියපු කාලේ..
මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ..
සයිකලේ පාග පාග ඒවා බෙදපු පියුමේ..
සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ..

උදේ ඉදන් හවස් වෙනකන්
අතේ මුදල් සතේට හිදෙනකන්
අතේ ඇගිලි රිදෙනකන්
කෙල්ල නිදියගන්නනම්
වචන රචන කරන එකම ක්‍රමය
SMS

ලියලා යවන ලියුම් වගේ කල් යන් නෑ
කරලා කරොත් අහුවෙන්නෑ
කෙල්ල නිදිය ගන්නකන්
මටත් නිදිමත එනකන්
වචන රචන කරන එකම ක්‍රමය
SMS

මම යැවුවා හෙලෝ ස්වීට් කෙල්ලේ ඔයා කොහෙද කියලා
එයා ඇහුවා හවසට අපිහමුවෙමුදැයි කියලා
ටයිප් කරලා කොතන කීයටදැයි දැනගන්නට ඕනා
ඒත් ක්‍රෙඩිට් නෑනේ ෆෝන් එකෙන් මැසෙජස්ම ගහලා..



 


ආයේ ක්‍රෙඩිට් නැතිවෙන් නෑ ඔන්න.ඒකට ගෙනාවා නියම භාන්ඩයක්.මේක සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් පුලුවන් free SMS යවන්න.
 
මුලින්ම ඔයාගේ දුරකතන වර්ගය අනුව බාගන්න ඕනේ. (කලින්ම කියන්නම් Nokia 1100 වගේ ඒවටනම් බෑ හොදේ.).හී හී


ගොඩක් දෙනා භාවිතා කරන්නේ java/symbian නේ.. අන්න ඒ අය මෙතනින් යන්න.
ඔයාගේ Mobile device එක තෝරගත්තට පස්සේ මෙහෙම එකක් එයි




 

ඕකේ කියලා තියෙන විදිහට ඔයාගේ දුරකථනයෙන් m.getjar.com කියන link එකට යන්න.ඊට පස්සේ Select Quick download කියන එකට ගිහින් දීලා තිබුනු අන්කය Enter කලාම Download වෙයි.නැත්නම් ෆෝන් එකෙන් m.getjar.com  කියන link එකෙන් ගිහින් JaxtrSMS කියලා සර්ච් කරන්න.එතකොට එයි.ගොඩක් කට්ටිය java/symbian නිසා මම කියලා දුන්නේ කොහොමද බාගන්නේ කියලා.

හරි දැන් Android කට්ටිය අහගන්නකො.. jaxtrsms app එක Android Market එකේ තියෙනවා.සුටුස් ගාලා බාගන්න පුලුවන්.ආ මෙතනින් ගිහින් බලන්නකෝ.. කොම්පීතරෙන් බාගන්න එක හරි නෑ වගේනම් ෆෝන් එකේන්ම Android Market වෙත පිවිස JaxtrSMS කියලා සර්ච් කරන්න එතකොට ඒවි.


 

හරි දැන් Apple කට්ටිය අහගන්න. i tunes වල තියෙනවා ..ආ මෙතනින් ගිහින් බාගන්න.


හරි කට්ටිය JaxtrSMS app එක download කරගත්තා නේද. හෙමීන් සීරුවේ install කරගෙන open කරගන්නකෝ..මෙහෙම ඒවි.


 



ඔයා දැන් app එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ..first name,last name, Mobile number එහෙම දීලා ලස්සනට වැඩේ කෙරුවට පස්සේ ඔයාගේ ෆෝන් එකට link එකක් එයි.ඒ link එකට ගිහින් ඔයාගේ සාමාජිකත්වය තහවුරු කරගන්න.දැන් ඉතින් ඇතිතරම් එස් එම් එස් කොටන්න තමයි තියෙන්නේ..  සල්ලි කැපෙන් නෑ හොදේ..නිකන් ඈ...

එහෙනම් කොටාන කොටාන යන්නකෝ.. මැණිකක්වත් හම්බුනොත් මටත් ටිකක් දෙන්න.එහෙනම් මම ගියා. ඔබට ජය!!

1 comment:

  1. mchn meke link ekak nemeine enne bn niikam code ekak wage ekak bn.e code eka danna thenakuth ne bn mokda kranne kolla

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.