Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මොකක්ද මේ අලුත් තාක්ශණවේදය විෂය (Technology subject)

by Unknown  |  in දැනුමට යමක් at  Thursday, August 08, 2013




                අම්මෝ... සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ.. දූවිලි,මකුලුදැල් බැදිලා හරියට.ඔන්න සුද්දකරන ගමන්.. ඔයාලට කියන්නම්කෝ මට පෝස්ට් එකක් දාන්න බැරිවුනේ ඇයි කියලා.. මේ මාස ටිකේ ඇඩ්සෙන්ස් වෙනුවෙන් ටිකක් වෙහෙසෙන්න සිද්ද වුනා..වෙලාවක් තිබ්බේ නෑ සුද්දන්ට ලිපි ලියනවා ඇරෙන්න.
 

               හරි දැන් මාතෘකාවට බහිමුකෝ.. ඔයාලා දන්නවා ඇතිනේ 2013 ඒ කියන්නේ මේ වර්ශයේ ඉදලා අලුත් විශය නිර්දේශයක් අවා කියලා..මමත් ඔන්න විද්‍යා විෂය ධාරාවෙන් මේ විශයට මාරුවක් දැම්මා...හැකියාවට තැන දෙන්න එපෙයි නේද.මේ අලුත් විශය හදුන්වාදීමේදී ලන්කාවෙන්ම පාසල් 200ක් පමන තෝරාගෙන තියෙනවා.


න්‍යායික බුද්ධියට අමතරව කිරීමේ හැකියාව ඇති බොහෝ ශී ලාන්කික දරුවන්ට අතිශය වැදගත් අනාගත ලෝකයේ රැකියා ඉලක්ක කර ගත් සිද්දාන්තහා ප්‍රායෝගික පුහුණුව නිපුණතා සන්වර්ධනය ඇතුලත් අ.පො.ස(උසස් පෙළ)සදහා තෝරාගත් පාසල් සදහා හදුන්වා දෙන විශයකි.මෙහිදී හැදෑරිය හැකි විශයන් වන්නේ,

1.ඉන්ජිනේරු තාක්ශණය  හෝ  ජයිවපද්ධති තාක්ශණය

 
2.තාක්ශණය සදහා ව්ද්‍යාව (Science for Technology)

3.මේ ටිකෙන් එකක්..

  • ආර්ථික විද්‍යාව
  • භූගෝල විද්‍යාව
  • ගෘහ ආර්ථිකවිද්‍යාව
  • ඉන්ග්‍රීසී
  • ගිනුම්කරණය
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ශණය(මම කරන එක)
  • චිත්‍ර කලාව
  • ව්‍යාපාර අධ්‍යනය
  • කෘශිවිද්‍යාව


වසර 3 අවසානයේ විශයන් තුනටම සිද්ධාන්ත විභාග තියෙනවා.හැබැයි ඉන්ජිනේරු තාක්ශණය හා ජ‍යිවපද්ධති තාක්ශණය කියන විශයන්වල සිද්ධාන්ත සදහා ලකුණු ලැබෙන්නේ 75%ක්.ඉතිරි 25% ලැබෙන්නේ පුහුණු ආයතනයේදී කරණ වැඩ සදහායි.එතකොට මේක දැනුම විතරක් නෙවෙයි කෙරුවාවත් මනින විශය ධාරාවක්.දරුවා පොතේ ගුරෙක් පමණක් පමණ්ක් නෙවෙයි හොද කෙරුමෙක්,අනාගතයේ හොද මිනිහෙක්,නියම ගැහැණියක් වෙනාවා(වැරදිවට තේරුම් ගන්න එපා!)


මේ තාක්ශණවේදය විෂය ධාරාව ඉහලින් උසස් පෙළ සමත්වුනොත් ඔබට සම්මත් විශ්ව විද්‍යාල වලට බැදිලා තාක්ශණවේදී උපාධිය හදාරන්න පුලුවන්.ඒ සදහා 2015 දී සෑම විශ්ව විද්‍යාලයකම විද්‍යාපීථයක් ආරම්භ වෙනවා.


විෂයධාරා සමත්වන සිසුන්ට යව්වන කටයතු හා නිපුණතා සන්වර්ධන අමාත්‍යාන්ශය ආරම්භ කරන විශ්ව විද්‍යාල විද්‍යායතන(University College) වලට ඇතුලු වෙලා ඩිප්ලෝමා උසස් අධ්‍යාපන උපාධිය යන සුදුසුකම් 3ම වසර 4කදී මනා පුහුණුවක් සමග ලබා ගන්න පුලුවන්.


එහෙමත් නැත්නම් රත්මලාන ලන්කා ජර්මානු තාක්ශණ ආයතනය,ඔරුගොඩවත්ත රථ වාහන තාක්ශණ ආයතනය,කටුනායක ඉන්ජිනේරු තාක්ශණ ආයතනයේ වැනි විෂයට අදාල තාක්ශණික පුහුණු ආයතන වල ඉගෙනුම හා පුහුණුව ලබා ගන්න පුලුවන්.


යම් හේතුවකින් තාක්ශණ විශය ධාරාව තෝරාගත් උසස්පෙළ අසමත් වුනා කියලා හිතමු.ඒත් ඒ දරුවා අසමත් වෙන්නේ නෑ. ඒ මොකද? ලබා ගන්න ප්‍රායෝගික දැනුම අනුව නිපුණතා සන්වර්ධන අමාත්යන්ශයෙන් ලැබෙන ජාතික වෘර්තීය සුදුසුකම්(NVQ 3)ශිෂ‍යාට ලැබෙනවා.NVQ3 සහතික පත්‍රය සමග රැකියාවකට යන්නත් ලේසියි.එහෙමත් නැත්නම්   ලබාගන්න කාර්මික විද්ධ්‍යාලයකට හෝ පුහුණු ආයතනයකට බැදුනාම මාස් 18කින්  ලබා ගන්න පුලුවන්.ඊට පස්සේ කෙලින්ම විශ්ව විද්‍යාල විද්‍යාතනයකට (University College)බැදුනාම තාක්ශණවේදී(B.Tech) උපාධිය ලබා ගන්න පුලුවන්.මේ විදිහට යන්න පාරවල් ගොඩාක් තියෙනවා



 Ada Derana News – Technology stream to be introduced to A/L students



 

 මම මෙකේ විශය නිර්දේශයත් කියන්නම්.

ඉන්ජිනේරු තාක්ශනයට අයත් වෙන්නේ මෙන්න මේ ටික.(Enjineer Technology) මම කරන එක



  • ඉන්ජිනේරු තාක්ශණවේදයේ හැදින්වීම
  • මූලික ස්වයන්චලන තාක්ශනවේදය
  • මූලික විදුලි තාක්ශනය
  • මූලික ගොඩනැගිලි තාක්ශණය
  • මූලික නිශ්පාදන තාක්ශනවේදය
  • ඉන්ජිනේරු ඇදීම්
  • ඒකක හා මිනුම්
  • චලිතය හා බල සම්ප්‍රේශණ මූල
  • තාක්ශණවේදය සදහා සෞඛ්‍ය හා ආරක්ශාව
  • විදුලි යන්ත්‍ර හා බල පද්ධති
  • මූලික ඉලෙක්ට්‍රෝනික තාක්ශනය හා භාවිතය(මේක මම කාපු විශයක්)
  • ගෘහස්ත ජල සම්පාදනය හා කසල අපවහනය
  • තරල යන්ත්‍ර
  • ඉන්ජිනේරු සම්මතයන් හා තත්ව සහතික පද්ධති
  • බිම් මැනීම්
  • ඇස්තමේන්තුකරණය හා ප්‍රමාණ බිල්පත් සැකසීම
  • ව්‍යවසායකත්ව හා කලමණාකරණය

සමා වෙන්න ඕනේ..ජයිව තාක්ශණවේදයේ විශයේ සිලබස් එකනම් හොයාගන්න බැරිවුනා..

 
තාක්ශණය සදහා ව්ද්‍යාව විශයට අයත් වන්නේ මේ ටිකයි (
Science for technology)


  • ක්ශුද්‍ර ජීව විද්‍යාව
  • ජයිමානු වල වැදගත්කම
  • බහු අවයවික ද්‍රව්‍ය වලා භාවිතය
  • ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය
  • සෙරමික්,වීදුරු හා නැනෝ ද්‍රව්‍ය
  • ශී ලන්කාවේ රසායනික කර්මාන්ත
  • මූලික ගණිතය
  • ත්‍රිකෝණමිතික අනුපාත
  • ජ්‍යාමිතිය
  • කලනය
  • සන්ඛ්‍යානය
  • දෙශික
  • බලය
  • දෘඩ වස්තුවක සමතුලිතතාව
  • නිවුටන් නියම
  • ගුරුත්වාකර්ශණය
  • චලිතය
  • පරිගනකය
  • පරිගනක මෙහෙයුම් පද්ධති
  • මෘදුකාන්ග භාවිතය
  • අන්තර්ජාලය හා සන්නිවේදනය
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • ද්‍රවස්ථථි විද්‍යාව
  • විද්යුතය හා චුම්භකත්වය
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  • තාපය
  • තරන්ග


මේ අලුත් විෂය මොකක්ද කියලා දැනගන්න කැමති අයටත්,කරන්න හිතාන ඉන්න අයටත්,කරන අයටත් මේ ගැන දැනුවත් වෙන්නයි අද මේ පෝස්ට් එක ලිවුවේ..පස්සේ තාක්ශනික ලිපියකින් හමුවෙමු.ඔබට ජය!



13 comments:

  1. ela mcho hoda post ekak.mamath kranne me subject eka.
    mcho mata loku ashawk thiynwa IT field aken idiriytma ynna.
    y kematinam mta y ge e-mail eka denn...................................................................................................................................................................................

    ReplyDelete
    Replies
    1. එල මචෝ.. මට මේල් එකක් දාන්න.මේ ෆීල්ඩ් එකට දක්ශනම් මගෙත් එක්ක එකතුවෙලා මේ සයිට් එකට ලිපි ලියන්න පුලුවන්.කැමතිනම් මේල් එකක් දාන්න!

      Delete
  2. මචන් වැඩේ නම් මරු මට ඔයගේ ලඟ තියෙනවනම් තාක්ශනවේදය සඳහ විද්යාව සබ්ජෙට් එකේ සිලබස් එක දෙනවද ගන්න හොඳ පොත් මොනවද? මේල් කරන්න

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය සදහා විද්‍යාව හ්ම්ම්ම්ම්... මචෝ මේකටනම් එච්චර නෑ.. මෙන්න ගෲප් එකක් තියෙනවා මූණු පොතේ.එහෙම පොතක් සෙට් උනාම කියන්නම්කෝ..ඉන්ජිනේරු තාක්ෂනයටනම් ඕන එකක් ඉල්ලන්න.ජය!!

      Delete
    2. අලුත් තාක්ෂණවේදය සදහා මූනු පොතේ ගෲප් එක.ජොයින් වෙන්න පුලුවන් ඔයාලට!!

      https://www.facebook.com/groups/596078223764632

      Delete
  3. සුපිරි වැඩක්.අපි 2016 A/L technology

    ReplyDelete
  4. Mchn mta engineer technology sylbs 1a gnna puluwnda. Plz
    Premarathneanjana164@gmail.com

    ReplyDelete
  5. putha mata poddak kiyannako me subject eka thiyana clombo distric eke thiyana paasal monawada kiyala

    ReplyDelete
    Replies
    1. මෙන්න ලින්කුවක් තියෙනව මේකර ගිහින් බලන්න තාක්ෂණික විද්‍යාගාර හදන හැම පාසලකම විස්තර තියෙනවා විද්‍යාගාර තියෙන, හදන , හැම පාසලකම විෂයත් තියෙනවා
      http://mahindodaya.prabath.org/

      Delete
    2. Mama science walata weak but mata ict plwn eka nisa mata me stream eka krnna plwn weida mge num-0768874512
      Msg wlin kyanna

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.