Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ප්‍රධාන පරිගණක ජාල ආකාර (Main types of computer network)

by Unknown  |  in පරිගණක ජාලකරණය at  Saturday, August 10, 2013




 Local Area Networks - LAN






කුඩා ප්‍රදේශයක පැතිර පවත්නා පරිගණක ජාලයක් LAN ලෙස හදුන්වනු ලබයි.බොහෝ අවස්තාවලදී මෙවැනි ජාලයක් ගොඩනැගිල්ලකට සීමා වනු දැකිය හැක.නැතහොත් ඉතාමත් ආසන්නයේ පිහිටි ස්ථාන කිහිපයක් සම්බන්ධ කරමින් ජාලය ගොඩ නැගෙනු ඇත.උදාහරණයක් ලෙස පාසලේ හෝ විශ්වවිද්‍යාලයක් තුල සකස් කරනු ලබන පරිගණක ජාල ලෙස හැදින්විය හැක.





Wide Area Networks - WAN

විශාල ප්‍රදේශයක පැතිර පවත්නා පරිගණක ජාල WAN ලෙසින් හදුන්වනු ලැබේ.

අන්තර්ජාලය මෙයට කදිම නිදසුනකි.මෙවැනි පරිගණක ජාලයකදී භූගෝලීය වශයෙන් කිසිදු සීමාවක් දැක්විය නොහැක.








Metropolitan Area Networks - MAN





LAN ජාලයකට වඩා වැඩි ප්‍රදේශයක පැතිර පවත්නා නමුත් WAN ජාලයකට වඩා අඩු භූගෝලීය පරිසරයක පැතිර පවත්නා පරිගණක ජාල MAN ජාලයක් ලෙසින් හදුන්වයි.උදාහරණයක් ලෙස යම් රාජ්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන පරිගනක ජාලයක් පෙන්වා දිය හැකිය.මෙහිදී ප්‍රාදේශීය වශයෙන් පිහිටුවා ඇති අදාළ ආයතන එකිනෙක හා සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැකිය.උදාහරණයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සම්බන්ධ කරමින් සකස් කරනු ලබන පරිගණක ජාලයක්   ලෙස හැදින්විය හැක.




අම්මෝ... අදට ඔය ඇති බබාට අතත් රිදෙනවා .. බබා පවුනේ..අයෙත් ලිපියකින් සෙට් වෙමු.ඔබට ජය!!

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.