Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නිවන් සුව ලැබේවා.. !!

by Unknown  |  in වෙනත් at  Sunday, August 18, 2013



  
ඇත්තටම් මේ දවස් ටික හරිම නපුරු දවස් කිහිපයක්.මම කෙලින්ම කතාවට බහින්නම්කෝ.. අද මම දාන්න යන්නේ තාක්ශණික ලිපියක්නම් නෙමෙයි.


2013/08/15 (9.00 A.M) අපිට මේ දවසේ උදේ enjineer technology clz තිබුනා.පටන් ඇරන් විනාඩි 5ක් යන්නත් කලින් call එකක් ආවා මචන් ශෙහාන් නැතිවෙලා කියලා.ඇත්තටම ශෙහාන් කියන්නේ අපේ හොද යාලුවෙක්.මීට මාස 5කට විතර උඩදී ශෙහාන්ට ලියුකේමියාව රෝගය වැළදුනා..(ලියුකේමියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ) එයා මාස 5ක් විතර මහරගම,කොළඹ රෝහල් වලදී ප්‍රතිකාර ලැබුවා.. එක දිගට මාස 5ක්.සෙල්ලන්ද,,


ඉතින් ඒ ගමන්ම clz එක නතර කලා.එතැන් සිට අපි දවස් තුන ගතකලේ මළගෙදර.
ඔහුගේ අවසන් කටයුතු හොදින් කෙරුනා.අපෙන් වෙන්න ඕන යුතුකම් මොනවද කියලා හොයලා බලාලා ඒවා හොදින් නිම කලා..


 




එයාට හොද O/L Result එකකුත් තිබුනා..නමුත් අපිත් එක්ක පාසැල් යනවා වෙනුවට එයාට සිද්ද වුනේ රෝහල් ගතවෙන්නයි.අපත් සමග කෙලිලොල් ජීවිතයක් ගතකල ඔහු අපේ මතකයේ සැමදා රැදේවී..පවුලටම හිටියේ ශෙහානුයි එයාගෙ නන්ගියයි.ඒත් එයාගේ අම්මා,තාත්තා,නන්ගි තනිකරලා එයා දුරක ඇදුනා.. ශෙහාන්ගේ නන්ගියා අපි දකින විට ඇඩුනේ මගේ අයියත් මේ වගේ හිටියානේ කියා සිතෙන විටය.දැන් ඇය තනි වී ගොස්ය.අපේ වගකීම අපි මැරෙනතාක් ඉටු කරන්නෙමු.එයාගේ දෙයිවයේ සරදමක් වෙන්න ඇති මේක,එයාගෙ ආයුෂ කෙටි වෙන්න ඇති.ඉතින් අපෙ කරුමෙට හොද යාලුවෙක් නැති උනා.එයා ගොඩක් දුක් වින්දා මේ පිලිකාව නිසා..


ඉතින් එයා අපෙන් එදා සමුගත්තා..
යාලුවෝ වශයෙන් අපි ශෙහාන් මිතුරාට නිවන් සුව ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා..ලබන ආත්මෙත් අපේම යාලුවෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

ඉතින් මම මේ පෝස්ට් එක දැම්මේ එයාගෙ නම අමරණීය කරගන්නයි.ඔහුගේ නාමය මේ සයිබරයේ සැරි සර සර ඉදීවී.මේ පොස්ට් එක කවදාවත් නොමැකේවි..

ඔබට සුභ ගමන් මිතුර!!

4 comments:

  1. නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අදහසක් දැක්වුවාට පින් ඈ..

      Delete
  2. Pau.. ela kollek wagee

    ReplyDelete
    Replies
    1. පවු බන්.ආ ඔවු ඔවු. අදහසක් දැක්වුවාට පින් ඈ..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.