Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

කීබෝර්ඩ් මීයා...(Mouse keys)...!!!!

by Anonymous  |  in දැනුමට යමක් at  Friday, November 22, 2013





සුභ දවසක් යාළුවනේ.....!


                                    අම්මෝ අද මට පට්ට යන්න උන............ Office  එකෙන් ටිකක් කලිං පැනගත්ත. ගෙදර ආපු වෙලේ ඉදන්ම බුදියපු එක තමා‍ කොරේ..... දැං තමා ටිකක් ෂේප් උනේ.. ම්....පෝස්ට් එකක් දැම්මෙ නැත්තං නින්ද යන්නෙත් නෑ අප්ප.

උන උන කියල නොබලම ඕං මං ආව මගෙ මචංලට පොඩි ජිල්මාට් වැඩක් කියල දෙන්ට***



මෙ මීයොත් එක්ක බෑ අප්ප. ඊයේ රෑ එලිවෙන ටිකට මුං කාලනේ මවුස් එකේ වයර් එක.......... උඩ දාල පයිං ගහන්ට හිතෙන්නෙ ඔය වෙලාවට තමා.

හී.... මීය හෙන ගැම්මෙං යංට ඇති (දැං බලමුකො උබ කොම්පීටරේ දාගෙන මහ රෑ වෙනකං  වැඩ කොරන හැටි.. අපිට ගමනක් බිමනක් යන්ටත් නැ, කියල). 
ඔය මැටි මීයා නොදන්නව උනාට කොම්පීටරේ මීයව (Mouse pointer එක ඈ) keyboard එකෙන් කොන්ට්‍රෝල් කොරන්ට පුළුවන් කියලා ඔයාලා දන්නව ඇතිනේ...

දන්නෙ නැත්තං මේං තියනව කරමේ.... මේකට කයන්නෙ Mouse Keys කියලා.

මං මේ කියලදෙන්නෙ windows 7 වලින් මේ ජිල්මාට් එක කරන හැටි ඈ.---  xp/ vista/ 8 කියල මහලොකු වෙනසක් නෑ....... එමමයි.. 

එකෙන්ම ඔබන්ටකො කී.....බොර්ඩ් එකේ මේ බටොන් ටික

" Alt + Shift + Num Lock 
කුයික් ගාලා සද්දෙකුත් දාගෙන මේවගේ එකක් එයි එතකොට ඈ.......



අවෙ නැත්තං අයෙත් ඔබන්ට ඈ....



දැං යන්ටකො මං කොටු කොරල තියන මෙව්ව එකට. එතනින් settings ටික හදාගෙනම යමු නැත්තං පට්ට ස්ලෝ... වෑ.....ක්, එපා....වෙනවනෙ එතකොට නේද? අපිට ඉතිං ගින්දර වගේ තියෙන්න ඕනනේ......, හරි මේ ටික ඔයාට ඕන විදිහට හදාගෙන OK කරගන්නකෝ.... අවුලක් නම් පල්ලෙහ බලන්ටකො ඈ.....



හරි දැං ආපහු Alt + Shift + Num Lock ඔබල එන එක Yes කරන්ට.....
බලන්ට ඔයාගේ ටාස්ක්බාර් එකෙත් මේ වගේ අලුත් එකක් පේනවද කියලා‘‘



පේනවනම් බඩු හරි.....



 මෙහෙම පේනවනං Num Lock එක ඔබන්ට. දැං වැඩේ හරි නේද?...
( Num Lock එකෙන් තමා මෙයාව On කරන්නෙයි Off කරන්නෙයි  ඈ.. ) එහෙනං වැඩේ හරිනේ..... ඕං මං ගියා........***--------


හප්ප,
මං වැඩකරන්නෙ කොහොමද කියල කීවේ නෑනේ........ හ්ම්... තව පොඩ්ඩෙං මං ගස්. වැඩකරන්නේ පල්ලෙහ ටිකෙන් ඈ.....




දැං ඔයාගෙ Mouse එක මං ඉන්න පැත්තකට විසිකරල ඔය බටොන් ටික ඔබල බලන්ටකො..... Mouse pointer එක හිතේ හැටියට බබා වගේ හසුරුවන්ට බැයිද කියලා...... (අර පරණ බෝල මවුස් නම් විසි නොකලට කමක් නෑ ඈ... වයර් ලොස් මවුස් එකක් නම් මං ඉන්න පැත්තටම විසිකරන්ට ඈ....)


        අද නං මීයට මලම පැනල ඇත්තෙ. 

මූ අද එලි වෙනකොට Keyboard එකේ වයර් එකත් කයිද?
මල මගුලයි... හ්ම්... බලමුකො හෙට උදේට....


--- එහෙනං හැමෝටම වැඩි වැඩියෙං ලැබේවා කියල, ඕං මං ගියා....

***
**
*
බුදුසරණයි...!


******දැනුම“ බදාගැනීමTa නොව‘ බෙදාගැනීමTaයී...******

3 comments:

  1. අඩේ බොල මරු වැඩේ.නියම පෝස්ටුව,

    ReplyDelete
    Replies
    1. එල එල..... තෑන්ක්ස් මචං ‍..
      ජයවේවා...!

      Delete
  2. හොද මී වැඩක්.එල!

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.