Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ජූම්ලා (Joomla) යනු කුමක්ද? ටිකක් කතා කරමු!

by Unknown  |  in දැනුමට යමක් at  Friday, January 31, 2014



ඔන්න අද දවසට දාන 2වෙනි පෝස්ටුව.ඉස්සර වගේ කයියක් ගහන්නවත් බෑ වගේ අප්පා.. මේ දවස්වල පට්ටට වහිනවා.ඒ අස්සේ සල්ලි වැස්සක්වත් වැස්සොත්නම්.. ම්ම්.. මමනම් බලන්නෙවත් නෑ.. මම සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා කියන්නේ ඇත්ත වෙන්න ඇති.හී.. හරි මම මේ දවස් වල joomla වලට බැස්සා.ඉතින් මට හිතුනා මේ ගැන ඔයාලටත් කියන්න. ඔන්න අපි බලමුකෝ..

ජූම්ලා (Joomla) කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්. මූලික වශයෙන් ජූම්ලා යනු CMS (content management system) එකකි. ප්‍රසිද්ධ Wordpress, Drupal වැනි පහසුවෙන් වෙබ් පිටු සාදා ගැනීමට හැකි මෘදුකාංගයක්. CMS මගින් සිදුකරන්නෙ වෙබ් අඩවියක ඇති සියළුම දත්ත (content) ලිපි ,පින්තූර, සංගීත ,වීඩියෝ, ලිපිගොනු වැනි දෑ පහසුවෙන්ම කළමණාකරණය කර දීමයි. මෙවන් පද්ධතියක තිබෙන ප්‍රධාන වාසිය නම් අපිට මෙය භාවිතා කරන්න විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. වර්තමානයේ බහුලව භාවිතා කරන්නේ ජූම්ලා 2.5 සංස්කරණය. නමුත් 1.7,2.5,3.2, සංස්කරණද දැනට භාවිතයේ ඇත.


ජූම්ලා භාවිතා කරමින් ගොඩනැඟිය හැකි වෙබ් අඩවි.

  • පාසල් ආගමික ස්ථාන අඩවි
  • රාජ්‍ය ආයතන අඩවි
  • පුද්ගලික හෝ පවුලේ අඩවි
  • ව්‍යාපාරික අඩවි
  • ප්‍රවෘත්ති අඩවියන්
  • ශාස්ත්‍රීය ජර්නල අඩවි
  • ක්‍රීඩා අඩවියන්
  • පණිවුඩ පුවරු
  • අන්තර්ජාල පාදක විද්‍යුත්-තැපෑල් සේවාවන්
  • සමාජ ජාලකරණ වෙබ් අඩවියන්
  • තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන්


ජූම්ලා ස්ථාපනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකකි. එනම්,

1.Local host Installation:- තම පරිගණකයේම ජූම්ලා ස්ථාපනය කිරීම

2.Remote Host Installation :- අන්තර්ජා‍ලයේ වෙබ් අඩවිය හොස්ට් කරගන්න සේවා සපයන ආයතනයක හොස්ට් අවකාශයේ ජූම්ලා ස්ථාපනය කරන්න යනවා නම්, එතකොට අපි අපේ වෙබ් අඩවිය ස්ථාපනය කරන්නෙ අන්තර්ජාලය හරහා. මේ විදියට ජූම්ලා ස්ථාපනය කරන්න නම් ගොඩක් පහසුයි මොකද ගොඩක් හොස්ට් කරගන්න සේවා සපයන ආයතන එක ක්ලික් එකකින් ජූම්ලා ස්ථාපනය කර ගැනීමේ පහසුකම සපයනවා. නැත්නම් තමන්ගේ පරිගණකයේ ඉහත කිව්ව විදියට ස්ථාපනය කරගෙන හොස්ට් අවකාශට FTP client කෙනෙක් මගින් යොමු කරගන්න පුලුවන් .


ස්ථාපනයට අවම අවශ්‍යතාවයන්
  • වෙබ් සවර් එකක් (Apache )
  • දත්ත ගබඩාවක් (MySQL)
  • සවර් සයිඩ් ස්ක්‍රිප්ටින් භාෂාවක් (PHP)


භාවිතා කල හැකි පැකේජ්

වෙබ් අඩවිය තමන්ගේම වෙබ් ස'වර්යක් තුල ස්ථාපනය කරගැනීමට අවශ්‍ය නම් එකට අපේ ස'වර් එක MySql, php එක්ක හැඩගස්වා (configure) ගත යුතුයි. වෙන වෙනම Apache, MySql, php ස්ථාපනය කිරීමේදී හැඩගස්වා (Configure) ගැනීම ඉතා අසීරුය . එම ක්‍රමය සංකීර්ණ නිසා මෙම මෘදුකාංඟ තුනම (Apache, MySQL,PHP) එකට හැඩගස්වා එකට තිබෙන පැකේජ්යක් භාවිතා කිරීම මගින් සංකීර්ණතා මඟහරවා ගැනීමට හැකියාව පවතී. පරිගණකයට හා භාවිතා කරන්නාට සුදුසු පැකේජයක් මේ සඳහා යොදා ගත හැක.
උදා:
WAMP for Windows
MAMP for Apple Mac OSX
LAMP/download LAMP for Linux (and other Unix)
XAMPP Multi-platform –Mac Windows, Linux, Solaris,

සෑහෙන කයියක් ගැහුවනේ..තේරුනාද මන්ද ඉතින්.. ම්ම්.. ම්ම්.. Joomla එක මෙතනින් බාගන්නකෝ.. 



 අනාගත මගේ ජූම්ලා නිර්මාණෙත් බලාපොරොත්තු වෙන්න ඈ.... එහෙනම් අපි ගියා.. ජය ඈ.. ආ හරි හරි!!



2 comments:

  1. elazzzzz.watinawa godak,tnxxxx

    ReplyDelete
    Replies
    1. තැන්කූ අදහසට යාලු...

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.