Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සුපිරිම firefox 20.0 බාගන්න

by Unknown  |  in බාගන්න at  Wednesday, April 03, 2013




මම අද ගෙනාවෙ මගෙ ප්‍රියතම බ්‍රවුසරය.මේක මගෙනම් නෙවේ.. බාගන්න කලින් පොඩි දැනුමට යමක් දෙන්නම්කෝ..




මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.


වර්තමාන බොහොමයක් වෙබ් ප්‍රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්‍රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.

පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), පුද්ගලිකව සැරිසැරීම (Private browsing), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් (මෙය බො‍හෝ ස්වදේශියකරණ සංස්කරණයන් සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය වේ) ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම  ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක. මෙහි වර්තමාන ස්ථාවර අනුවාදය 4.0.1 වන අතර, එය 2011 අප්‍රේල් 28 වැනි දා නිකුත් කරන ලදී.ෆයර්ෆොක්ස්හි මූල කේතය මොසිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) GNU GPL/GNU LGPL/MPL නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත ‍මූල මෘදුකාංගයකි. 


ඔය ටික විකිපීඩියාවෙන් හොයාගත්තෙ..කියන්න දෙයක් නෑනෙ..ගින්දර වගේ තමා වේගය..මාත් මේක යූස් කරන්නේ...අලුත්ම සන්ස්කරනය මෙන්න තියෙනවා ඇරන්ම බලන්න
හොදට මතක තියාගන්න..
බාගන්නකොට (US) ඉන්ගිරීසි වර්ශන් එකම බාගන්න.නැත්නම් සදා අනාතයි!!!




2 comments:

  1. තෑන්ක්ස් මචෝ...මාත් හොය හොය හිටියෙ ..ඔබට ජය

    ReplyDelete
  2. @මාලුවා ;
    … සුලු දෙයක් මචෝ.. ජය !!

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.