Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඔබ යොදන මුරපද ගැන ඔබ සැලකිලිමත්ද? එය ආරක්ෂිතද?

by Unknown  |  in දැනුමට යමක් at  Monday, March 03, 2014


කොහොමද මල්ලිලා.. ශා ඉන්නවා අයියා.. මේ රෑ මද්දහනේ සයිබරේට මොකට ගොඩ වැදුනද මන්දා,හී.. මේ වැඩ අස්සේ ලිපියක් දාන්න ටයිම් බිංදු 2යි පුතේ.වෙලාවක් ඇත්තෙම නෑ.ඒත් ඔන්න සුපර් මෑන් ලිපියක් දාන්න සෙට් උනා. අද ටිකක් කතාකරමු ඔයාලා විවිධ ඒවට යොදන මුරපද ගැන,



ගිණුම් වලට යොදන මුරපද,


ඔබ සැලකිලිමත් විය යුතුම කරුණකි.ඔබගේ සියලු රහස්‍යය භාවයන් රදා පවතින්නේ ඔබගේ මුරපදය මතය. ඔබ ගිණුම් සෑදීමේදී එකම මුරපදය සෑම ගිණුමකටම නොයොදන්න. විශේෂයෙන් online Bank Account වලට හා Email ගිණුම් වලට යොදන මුරපද ඉකිනෙකට වෙනස් ඒවා යෙදීමට වගබලා ගන්න.එකම මුරපදය භාවිතා නොකරන්න.
                                               
    කිසිම විටකත් ඔබේ මුරපදය අන් අයට අනුමාන කල හැකි මුරපද යෙදීමෙන් වලකින්න.උදාහරණයක් ලෙස ඔයාගේ නම,ගම,පාසලේනම,දුරකථන අංක,වයස වැනි ඒවා අන් අයට අනුමාන කල හැක.

ආරක්ෂිත මුරපදයක් සෑදීමේදී අංක,අකුරු,සංකේත මිශ්‍ර කර යොදාගන්න.ඊට උදාහරණයක් ලෙස 87a5Hc@# , 5es467@#hj , HhgS*09 දැක්විය හැක. ඔබට මුරපද අමතක නොවන අයුරින් තබා ගැනීමට වගබලා ගන්න.අමතක වෙන සුලුනම් එක් තැනක මුර පද සියල්ල සටහන් කර තබාගන්න.

වෙනත් පරිගණකයන් භාවිතා කරන්නේනම්,

මෙහිදී ඔබ ආරක්ශාව පිළිබද මීට වඩා අවධානය යොමු කල යුතුය. ඔබ වෙනත් පරිගණකයකින් අදාල ගිණුම් වලට Log වී නැවත පැමිනීමේදී Logout වීමට වගබලා ගන්න.එපමනක් නොවේ ඔබ යොදාගත් වෙබ් බ්‍රවුසරයේ History,Cookies මකා දැමීමටද පියවර ගන්න.මතක ඇතුව එය කිරීමට වගබලා ගන්න.එය ඔබේ ආරක්ශාවට මහත් රුකුලක් වේවි.

දැන් ඉතින් මුරපද හැක් කොරලා හමාරයි ඈ..
අනේ සුට්ටක් හරි වැදගත් වෙන්න ඇතිනේ,, වෙලාවක් නෑ පුතා කැපුනා..(තුවාල නෑ)ගුට් නයිට් ඈ...

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.