Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Fb ගිණුම Block වෙලා Photo tag කරපුවා අහනවද? මෙන්න විසදුමක්!

by Unknown  |  in කැත වැඩ at  Sunday, February 09, 2014


හායි පුතාලා. ආ තාත්තා කෝමද,අද පුතාලට කීල දෙන්න යන්නේ සට කපට වැඩක් ඈ... ඈ.. ඒ මොකා..නෑ කෝකා!! අද දවසම ගෙදර.ෆට්ට කම්මැලියි අප්පා.. ඔය වෙලවට තමා ටයර් කන්න හිතෙන්නේ.නිකන් ඉන්න ගමන් Fb එක පැත්තට ආවා.එතකොට මතක් උනා ඔයාලව. ගොඩක් දෙනා Fb යූස් කරනවනේ.ඉතින් සයිබර් එල් කේ එකේ Facebook ගැන පෝස්ට් ගොඩක් අඩුයි.ඒක නිසා මම හිතුවා Facebook ගැනත් Tips-Tricks දාන්න. හා හා. අද කියලා දෙන්න යන්නේ ගොඩක් අයට වැදගත් දෙයක්.සමහරුන්ට හොද අත්දැකීමුත් ඇති. අකවුන්ට් එක Block වෙලා ෆොටෝ ටැග් කරපුවා තෝරන්න එනවා.ඔන්න පිත්තු හැදෙනවා ඕයි.





(පින්තූර හොයාගත්තේ ගූගල් මාමගෙන් ඈ..)


එහෙම උනාම හදාගන්නවා බොරු,මොකද 5 දෙනෙක්ගේ ෆෝටෝ ටැග් කරපුවා අහනවා. ඔවා කොහෙද අනේ මතක තියාගන්නේ ( මගේ නම්බර් එකවත් මතක නෑ)  ඒ එන 5දෙනාගෙන් අඩුම 4 දෙනෙක්ගෙවත් ෆොටෝ ටැග් වලට හරි උත්තර දෙන්න ඕනේ.එහෙම උනොත් විතරයි ඔයට ඔයාගේ ගිනුම යතා තත්වෙට ගන්න පුලුවන් වෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක්,මෙහෙම security check එන්න හේතු විදිහට ඔයා අකවුන්ට් කිහිපයක් වරින් වර භාවිතා කරනවා විය හැකියි (ෆේක් ඒවත් එක්ක) එහෙම එෆ් බී එකට ඔයා ෆේක් කෙනෙක් කියලා සැක හිතුනම මෙහෙම එනවා.මේක තමා ගොඩක් භයානකම security check   එක.5 පාරම කණා ගැහුවොත් 4ක් වත් හරි ගියොත් ගොඩම තමා.
ඒක සෙල්ලන් වැඩක් නෙවේ. ඒත් අපිට ඔය සිද්දිය කණා ගහන්නෙ නැතිව හොයාගන්න පුලුවන්. ඒකට කපටිකම ඕනේ.මේ මං වගේ ( එහෙමමත් නෑ ඉතින්) මේක ඉච්චර ලොකු ගේමක් නෙමේ. පොඩි සිතුවිල්ලක්.ඒත් ගොඩක් වැදගත්.


හරි.අපි මෙහෙම කරමු. අපි හිතමු ඔයාගේ ගිනුමයි මෙහෙම Block වෙලා තියෙන්නේ.ඔයා ලොග් උනාම මෙහෙමනෙ දැන් එන්නේ.




 ඔයා Continue දෙන්න එපා.ඊට කලින්  තව බ්‍රවුසරයක් ඕපන් කරගන්න. එකෙන් ලොග් වෙන්න තවත් Fb ගිනුමකට ( අලුතෙන් එකක් හදාගෙන හරි යාලුවෙක්ගේ අකවුන්ට් එකක් භාවිතා කරන්න)

හරි දැන් ඔයා Continue දෙන්න. දැන් ඔය ෆොටෝ ටැග් යටින් තියෙනවනේ නම් 6ක්.




 ඔයාට ඒවා අදුනගන්න අමාරුනම් ඉක්මනට අනිත් අකවුන්ට් එකට ගිහින් පලවෙනි නම සර්ච් කරලා එයාගේ අකවුන්ට් එකට ගිහින් බලන්න අර ෆෝටෝ ටැග් වෙලා තියෙනවද කියලා. ඔයාට තනියෙම කරන්න අමාරුනම් වෙන යාලුවෙකුත් ගෙන්න ගන්න.  (තවත් කොම් එකක් ලැපක් වගේ එකක් එක්ක) එයාටත් නමක් හොයන්න දෙන්න.ඔයා එක නමක් බලනකොට යාලුවා තවත් නමක් හොයනවා. ඔහොම ඉක්මනට හොයාගන්න පුලුවන් වේවි. මොකද අපිට කාලය හුගක් වටිනවා.ෆෝටෝ එකක් තෝරගන්න ලැබෙන්නේ මිනිත්තු 4ක් වගේ කාලයක්.ඒක නිසා අපි ඉක්මනට හොයාගන්න ඕනේ.ඔයාට අදුනගන්න එන එක Security Challenge  එක්ක ෆොටෝස් 3ක් තියෙනවා.ඒවයින් එකක් හරි අදුනගෙන නමක් තහවුරු කරගන්න. මේ විදිහට 5 පාරක් Security Challenge තියෙනවා. ඒවගෙන් 4ක්වත් තෝරගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.ටිකක් අමාරුයි.ඒත් වැඩේ සාර්ථකයි.


මේ පිලියම කියන්න හිතුනේ සමහර අයට යාලුවෝ සෑහෙන ප්‍රමානයක් ඉන්න අකවුන්ට් තියෙනවා. ඒ වගේම ආයේ ඒ බ්ලොක් උන අකවුන්ට් එක ඩිලිට් කරන්නත් බෑ ගිනුමට ලොග් වෙන්නේ නැතුව,


වේගවත් ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි වේගවත් අත් දෙකකුයි තිබුනනම් මේ වැඩේ කරන්න පුලුවන්.කියන තරම් අමාරු නෑ.. කණා ගහන එක කොහොමත් හරි යන් නැති වැඩක්.එහෙනම් උත්සාහ කරලා බලන්න.උත්සාහවන්තයා ජයගනීද කියාලා කියමනකුත් තියෙනවද කොහෙද,

එහෙනම් ආයෙත් post එකක් එක්ක සැට් වෙමු!! බායි බායි! තටා.. ගුට් ආප්ප නූල්!!


4 comments:

  1. හම්ම්... එක පාරක් ඔහෙම කරා..

    ReplyDelete
    Replies
    1. හ්ම්... එල එල. ජයම වේවා!!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.