Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අනේ මන්ද අනේ...

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, May 29, 2013


                         අනේ මන්ද අනේ...ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ.මට උනත් හැදිලා හොදටම අමාරු වෙලයි තිබුනේ.ඒ මදිවට මේ යාලුවටත් සනීප නැතුව ඉදල දැන් තමා සනීප උනේ.

       අලුත් එකක් ගන්නම් ගන්නම් කියල හිටිය මිසක ඒකත් ගන්න බැරි උනා.ඒක නිසයි ඔයාලට අලුත් පෝස්ට් එකක් දාන්න බැරි උනේ,වෙසක් එකට කැරකෙන කූඩුවක් ගැහුවා.ඒක නිසා ගොඩක් කාර්යබහුල වෙලයි හිටියේ.ඒ අස්සෙන් ක්ලාස්..ඒවත් කරගන්න එපෙයි නේද.
               මම අද බ්ලොග් එකට එනකොට pageviews 2132ක් වෙලා තිබුනා.මම බ්ලොග් එක පටන් ඇරන් මාස 5ක් විතර ඇති.ඒ නිසා pagewives දෙදාස් ගානක් තිබීම නිසා මට සතුටුයි.මගේ බ්ලොග් එකේ විසිට් පාරක් දාපු යාලුවෝ හැමෝටම ස්තූතියි.දිගටම syberlk සමග එකතු වෙලා ඉන්න කියල කියනවා.තව බ්ලොග් එක වැඩි දියුනු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම හොද හොද පෝස්ට් දාන්නම්කෝ...
                               
                        ඔයාලගෙ අදහස් තියෙනවනම් කමේන්ටුවකින් දාල යන්න.මොකද බ්ලොග් එකේ අඩුපාඩු තියෙනවනම් ඒවා  හදාගන්න පහසු වේවි.මම මේ පෝස්ට් එක දැම්මේ යාලුවොත් එක්ක දුක සැප බෙදාගන්නයි.හොද හොද පෝස්ට් ඉස්සරහට දාන්නම්.මේ බ්ලොග් එක කරගෙන යන්නේ මම දන්න දේ ඔයාලටත් කියල දීල මට සතුටක් ලබාගන්න පුලුවන් නිසයි.මට බ්ලොග් පෝස්ට් ඇති තරම් ලියන්න කරුනු තියනවා.නමුත් වෙලාවක් නැති එකයි අවුල.ක්ලාස් යන්නයි වැඩ ගොඩයි.වෙලාවක් ලැබුනු ටයිම් එකක බ්ලොග් එක පැත්තේ එන්නම්.

            මම ඔයාලට හොද අවස්තාවක් දෙන්න ඕනේ කියල හිතුවා..
ඔයාලත් කැමතිනම් මගේ බ්ලොග් එකට පෝස්ට් දාන්න පුලුවන්.එතකොට ඔයාලගේ පෝස්ට් ඔයාගේ නමින් මගේ බ්ලොග් එකේ දානවා...හැබැයි තාක්ශනික ලිපි වෙන්න ඕනේ.. ඒ වගේම වෙන බ්ලොග් වලින් කොපි කරල පෝස්ට් දාන්න බෑ..ඔයාගේ නම සදහන් වන නිසා ඒකේ වගකීම ඔයාට ගන්න වෙනවා.කැමති අය ඉන්නවනම් කමේන්ටුවකින් දන්වලා යන්න.එහෙනම් අලුත් පෝස්ට් එකකින් සෙට් වෙමු..මම ගියා........

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.