Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අවංක පොලිස් නිළධාරියෙකුගේ ගාථා පාඨය

by Akilage potha  |  in දැනුමට යමක් at  Friday, January 30, 2015





බලන්න මේක කියවලා... හිතෙන දේ කියන්න(comment).මට හිතෙන දේ මම යටින්ම දාලා තියෙනවා...



  • මිනිත්තු 60 ක් එකතු වීමෙන් පැයක් හැදෙන බවත්, අව්න්ස 16 ක් එකතු වී රාත්තලක් හැදෙන බවත්, සත සීයක් එකතු වී රුපියලක් හැදෙන බවත්, මට උගන්වනු මැනවි....!


  • පිරිසිදු හෘද සාක්ෂියකින් යුතුව ද, මගෙ කොට්ටෙ යට තුවක්කුවක් රහිතව ද, මා විසින් පීඩාවට පත් කරන ලද අයගෙ මුහුණු මට සිහිනෙන් නොපෙනෙන ලෙසට ද, මට නිදා ගැනීමට හැකිවන සේ ජීවත් වීමට ද, මට උපකර කල මැනවි....!


  • මගෙ ආහාර වේල සාධාරණ ලෙස උපයා ගැනීමටත්, එසේ උපයා ගැනීමේදි කිසිදු අන්‍ය පුද්ගලයෙකුට හානියක් නොවීමටත් මට අවස්තාව ලබා දෙනු මැනවි....!



  • අසාධාරණ කාසි වල හඩද, දුෂ්චරිත ස්ත්‍රියන්ගෙ වස්ත්‍රයන් සෙලවෙන හඩද, මට නොඇසෙන ලෙසට කරුනු සලසා දෙනු මැනවි....!


  • සෑම රාත්‍රියකම කෑම මේසයේදී, මට ආශිර්වාදයක් වන මගෙ බිරිය දෙස බැලීමේදි ඇයගෙන් සැඟවීමට මට දෙයක් නැති කරනු මැනවි....!


  • කුඩා දරුවන් සමග සිනාසීමට මා තරුණ භාවයේ තබා වැඩිහිටියන් ගැන සැලකිලිමත් වීමට මා අනුකම්පා සහගත කරනු මනවි....!


  • අඳුරු සෙවනැලි වැටෙන්නා වූ ද, පුෂ්පයන්ගේ සුගන්ධය දැනෙන්නා වු ද, අවසාන අඩි පාරවල් සහ රෝද වල ශබ්දය ඇසෙන දිනය පැමිණි විට ඒ අවසථාව ඉතා කෙටි වූත් සරල වූත් එකක් වනු මැනවි....!

SIR,I SALUTE YOU.

2 comments:

  1. මගෙන් සුභ පැතුම් මලයා.!1

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.