Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!
Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

data කැපෙන්නේ නැතුව ෆෝන් එකෙන් TV බලමු

by Unknown  |  in ෆෝන් at  Thursday, February 18, 2016


ඔන්න කොල්ලනේ මන් අය අවා  බ්ලොග් එක පැත්තට පොඩි නිවාඩුවක් හම්බුන් නිවාඩුවක් කියුවට ඉන්ටවල් එකක් වගේ එකක් කොහොම හරි වැලන්ටයින් එකත් පහු වුනානේ ඒකට සුභපතනවා සමරපු ඔක්කොටම

හරි මං කතාව කියන්නම්කො දැන් අපි TV බලනවනේ දැන් මැච් එක එහෙමත් පෙන්නනවනේ සමහර අයට EYE CHANEL එක අහුවෙන්නෙත් නෑනේ හැමෝටම DIALOG TV,, PIO TV ගන්නත් බෑනේ එක නිසා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ ලාබෙට Smart Phone ට්ව බලන්න පුළුවන් App එකක්
මේක Devolop කරන්නෙත් dialog ල ම තමා දන්නවනේ අපි ඩේටා කැපෙන්න ටීවී බලන විදිය ඒකට වඩා ගොඩාක්ම වෙනස් එකක් මේක. මේ appඑක ඔයාට Play store එකෙන් බාගන්න පුළුවන් ඒකට ඔයාගේ දුරකථන සම්බන්ද තාවය ඩයලොග් වෙන්න ඕනේ දැන් ඩයලොග්ලා ලංකාවටම වගේ 3G දිඉලානේ තියෙන්නේ සමහර පළාත් වලට 4G ත් දීලනේ මේ app එක හරහා ඔයාලට දවසට රුපියල් 3.33 කට චැනල් ගොඩාක් බලන්න පුළුවන්

මේකේ නම Dialog MyTV

සමහර කස්ටියනම් මේක දන්නවා ඇතිනේ මේක දන්නේ නැති අයට හොදේ

මේ app එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න

ඊට පස්සේ අහන තොරතුරු ටික දෙන්න

ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් එයි


හෝම් පේජ් එකේ මෙනු බාර් එකේ තියෙන ටීවී කියන ටැබ් එක ච්ලික් කරන්න

දැන් පහලින් ටීවී චැනල් ලිස්ට් එකක් ඇවිත් තියෙනවනේ


ඔයාට කැමති චැනල් එකක් තෝරලා ප්ලේ කරන්න එතකොට මෙහෙම වින්ඩෝවක් එයි



එකේ ඔයාට පුළුවන් සබ්ස්ක්රයිබ් කරන්න එතකොට ඔයාට මැසේජ් එකක් එයි ටීවී චනෙල් ඇක්ටිව් උන කියල

දැන් චැනල් ලිස්ට් ඒකට පහලින් තියෙනවා Show only my subscribe channels කියල ඒකට ටික් එකක් දාන්න

එහෙමත් නැත්නම් චනෙල් ලිස්ට් එකේ අපි තෝරපු පැකේජ් එකේ චැනල් වල ප්ලේ අයිකන් එකක් පෙන්නනවා එඅ චැනල් ඔක්කොම ඔයාට බලන්න පුළුවන් 

ex- ten cricket 


ආ තව දෙයක් මේ app එකෙන් ටීවී බලන්නනම් ඔයාගේ පොන් එකේ ඩේටා ඕන කරලා තියෙන්න ඕනේ  හරි හරි කලබල වෙන්න එපා ඩේටා කැපෙන්නේ නෑ මං අද්දකීමෙන් කියන්නේ
හරි එහෙනම් මං යනවා ආය නිවාඩු වෙලාවක් ආපුවම අයෙත් පොස්ටුවක් දාන්නම්

ජය

Windows 8 Pending 0x80073cf0 එක Fix කරමු

by Unknown  |  in වෙනත් at  Friday, January 22, 2016
හායි කොහොමද යාලුවනේ... ගොඩක් කාලෙකින් තම පොස්ටුවක් දාන්නේ.... එනිසා තරහවෙන්න එපා හොදේ.... මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබ්බ.... FB එහම නම් අව.... ඒත් මේ පැත්තේ තමා එන්න බැරි උනේ....

හරි  ඉතින් අද මන් කියන්න යන දේ වැඩිය ලොකු දෙයක් නම් නෙමේ.. මේ ලෙඩේ මටත් උන නිසා තමයි මන් මේක ඔයාලට කියන්නේ...



                                              කෙටියෙන්ම කියනවනම් මේක Windows 8 වලට එන ලෙඩක්..ලෙඩේ කියනවනම් App Store එකේ app බාගන්න බැරි වෙනවා. Error Massage එකක් එනවනේ 0x80073cf0.. මේ ලෙඩේ Fix කරගන්න හැටි තම අද මන් කියන්න යන්නේ...

හරි මෙහෙමයි වැඩේ වෙන්නේ... දකුණු අත පැත්තට ගෙනිච්චම එන මෙනු එකෙන් Search Icon එක Click කරන්න...
දැන් CMD කියල Type කරල command prompt එක ඔපෙන් කර ගන්න... හැබැයි Open කර ගන්න ඕනි Run as Administrator කියල..
                    හරිනේ..
දැන් කරන්න තියෙන්නේ මේ Codes  ටික type කරන්නකෝ CMD එකේ...
     
                                sfc/scannow

                  දැන් Enter කරන්න...ටිකක් වෙලා යයි වැඩේට..


ඉවර උනාම මෙහෙම වැටෙයි හොදේ...


 100% Complete උනාම Computer එක Restart කරන්න....

Restart වෙලා ඉවර උනාම ආයේ App Store එකට ගිහින් අලුතින් App එකක් Download කරන්න.. දැන් වැඩේ හරිනේ....

අලුතින් App එකක් download කරන්න කිව්වේ බාගෙට Download  උන ඒවා Download වෙන්නේ නැති නිසා හොදේ...

වැඩිය ලොකු පොස්ටුවක් උනේ නැති උනාට වැඩක් වෙයි කියල හිතලයි දැම්මේ ...... දැන් ඉතින් අව්ලක් නැතුව App Download කරගන්න පුළුවන්...

හරි එහෙනම් මන් ගිය හොදේ....

                             ආයේපොස්ටුවකින් හම්බවෙමු මචන්ලා..... බුදු සරණයි !

DFX Audio Enhancer v12.012

by Unknown  |  in වෙනත් at  Wednesday, December 23, 2015
හායි කොහොමද මචන්ලා..... පොඩි වැඩ වගේකට යටවල හිටිය එකයි පොස්ටුවක්වත් දන්නා බැරි උනේ.... ඒකට සොරි වෙයල්ලා හොදේ....

හරි අද මන් කියන්න යන්නේ පොඩි Audio වැඩ කෑල්ලක් ගැන.... ගොඩක් අය මේ softwere එක ගැන දන්නවා.... එකේ අලුත් සංස්කරණයක් ගැන තමා අද මන් කියන්න යන්නේ...
              ඇත්තටම කියන්න යන්නේ නැ .... Download  කරගන්න දෙන්නේ.....

හැමදාම මොකක් හරි දෙයක් ගැන කියන හින්ද අද Softwere එකක් download කරගන්න දෙන්න හිතුනා...

මේකේ නම තමා..... DFX Audio Enhancer කියන එක....මේකෙන් කරන්නේ  Computer ඒකෙන් output කරන Sound එක 2x 3x කරලා දෙනවා... වැඩිය කියනවට වඩා  Install කරලා බලන එක තම හොද....




මේකේ Crack  එක දාන්න තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට..... බයවෙන්න එපා Readme file 2ක් තියෙනවා....
                    ඒකනිසා දාගන්න එක අමාරු නැ... අමරු උනොත් comment කරල කියන්න crack එක දාගන්න විදිහ මේ පොස්ට් එකෙන් මන් දන්නම්...

මේක ගොඩක් Sound quality වෙන්නේ  Subwoofers , Hi-Fi system වගේ ඒවාට තමා... Speakers වලට නම් පොඩ්ඩක් අවාසි වෙනවා..... ඒත් ගණන් ගන්න එපා ... දාල බලන්නකෝ කොහොමද කියල....

ඔන්න පහල Link එක දාල තියෙනව..... Download කරගන්නකො........

DFX Audio Enhancer vs 12.012


මාත් ඕක දාල තියෙන්නේ....
         මේක පෙර සංස්කරණය වගේ නෙමේ... මේකේ Equalizer එකක් තියෙනව.... ඒකෙනුත් sound හදන්න පුළුවන්.....



ඔන්න Active කරා මාත්......



එහෙනම් හරිනේ වැඩේ..... ඔන්න මන් ගියා අව්ලක් උනොත් comment එකක් දාන්නකෝ.... Ok......

                                                     ඔයාලට බුදු සරණයි!!!!

බ්ලොගිය කෙටීම සදහා නැවත හසුනා පැමිණි වගයි!

by Unknown  |  in වෙනත් at  Thursday, October 01, 2015

මාව මතකද දන්නෙ නෑ නෙහ්.. මම හසුන් චතුරංග.වයස අවුරුදු දහ9යි. හී.. මම මේක අකිල මල්ලිටයි දිනිසුරු මල්ලිටයි බාර දීලා මේකෙන් ගියේ AL නිසානේ. AL ලිව්වා ආ... දැන් ආවා ඈ.. පරකු උනාට සොරි වෙන්න ඕනේ.කොහොමරි ආවනේ. 
ඒ වගේම රවීන් සහෝ. එයත් AL ලිව්වා .ඒ නිසා අපි දෙන්නම මේකෙන් අයින් වෙලා උන්නේ. දැන් හසුනා ආවා. රවීන් කෝ වරේන්...

සයිට් එක හොදටම බැහැලා තියෙන්නේ. SEO පාරක් එහෙම දාලා ගන්න ඕනේ.මේක ඉදිරියට කොරන් යන්ට ඔබ තුමන්ලාගේ සහයෝගය ඕනේ. 

අලුතින් දේවල් ගොඩක් අරන් ඔයාලත් එක්ක සෙට් වෙන්නෙ මම. මම මින් ඉදිරියට කියලා දෙන්නම් ගොඩාක් දේවල්.ඉන් කිහිපයක් මම කියලම යන්නම්.

Android Mobile Unlocking 
Android Upgrade and Update
Android Network Unlocking
කෙටියෙන්ම කිව්වොත් ඇඩ්‍රොයිඩ් පෝන් Rapier වැඩ ඔක්කොම කියලා දෙන්නම් ඔයාලට.

Apple I phone Unlocking ( R sim and FU)
Apple  I phone Upgrade and Update
Apple Device Rapier 

ඒ වගේම ඊ මනී Tricks and Tips ගොඩාක් තීනවා...

තව ගොඩාක් දේවල් තියෙනවා.මතක් වෙන් නෑ අයියෝ.. ඉස්සල්ලාම කොහෙන්ද පටන් ගන්නෙ... හරි ප්‍රේක්ශක ඉල්ලීම පරිදි පටාන් ගමු..
ගියා...

දියුණු මිනිසාට පරිසර පාඩම කියාදුන් සියැටල්

by Akilage potha  |  in වෙනත් at  Tuesday, May 05, 2015


ආ කොහොමද යාළුවනේ.... හුඟ ලාලෙකින් නොවැ... මම දැඩි සත්කාරෙ හිටියනේ..  හා හා ඒකෙන් ඔයාලට වැඩක් නෑනේ.. මම අද කියන්න යන්නෙ සියටල් ගැන... ජගත් පරිසර දිනය ලඟ ලඟම එනවනෙ, ඒකයි මම සියැටල් ගැන කියන්නෙ...

කව්ද මේ සියැටල්.....?






සියැටල් යනු රතු ඉන්දියානුවෙක්. රතු ඉන්දියානු නායකයෙක්. උපත ලැබුවේ 1788 වසරේ දි පුගට් සවුන්ඩ් නම් ප්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන් බ්‍රිජ් දිවයිනේ දීයි.. සියැටල් ගේ නියම නම වූයේ "සීත්ල්" ය. 
සියැටල්  නම් ග්‍රෝත්‍ර නායකයා මෙතරම් වටින්නෙ ඇයි කියා ඔබට මේ සියැටල් ගේ පිළිතුරු හසුන කියවීමෙන් පැහැදිළි වේවි...


---සියැටල් ගේ ප්‍රකාශය---

වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත්‍රත්වය හා හොඳ හිත ද පාර්ථනා කරයි. අපේ මිත්‍රත්වයෙන් ඔහුට එතරම් ප්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෳතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.

ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම මිලදී ගන්නේ කෙසේද ?
මේ අදහස අපට නම් විකාරයකි. සුළඟේ නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේනම් ඔබ ඒවා මිලදී ගන්නෙ කෙලෙසද ?

මේ පොළවේ සෑම බිම් අඟලක්ම මගෙ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුළුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වලාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයො සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියනුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදි ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළොව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව. අපේ මුතුන් මිත්තන්ගේ රුදිරය යි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයේ ම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියාදෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගෙ මෞතුන මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසයය සංසිදුවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂනය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් වෙනත් ඔනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංඟාවලට ද දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේ ය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේ ය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට එක් භූමියක් තවත් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු මේ භූමිය කොල්ලකා පළා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව, සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුගේ සුසාන පසුකර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප්‍රථිඵල වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලු විකසිත වන හඬ හෝ කුඩා කෳමි සතුන්ගේ පියාපත්වල සිලිසිලිය ඔබේ නගරවලදි ඇසෙන්නේ නැත. එහි ඇත්තෙ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි. 

එතැම් විට මා වැනි මිලේඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාත්‍රියෙ පොකුණක් අසල මැඩියෙක්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද ?

සත්තු, තුරුලිය, හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තාමත් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනිති. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ  වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන් දුම් රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගනන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම් රිය වැදගත් වෙන්නේ කෙසේ දැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර් විට මා වනචාරි මිලේඡයෙකු නිසා වීමට පුළුවන.

තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නෙ කෙසේද ? එසේ වුව හොත් ඒ හුදකලා බවින් ඔහුද විනාෂ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ තිරිසනුන්ට සිදුවන දෙය ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොදක් හෝ නරකක්ම එහි දරුවන්ටද උරුම වන්නේය. ඔබ භූමියට කෙල ගසන්නේ ද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට  අයිති නැත.  එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියළු දෙනා එකම බැම්මකින් එකිනෙක හා බැදී පවතින බව අප දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාස භූමි වෙත යාම පිළිබඳව අප සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.

අප එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. ඒ අපෙ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන්ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.

එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගෙම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාටද එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීමට එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත්‍ර කිරීමෙන් යම් රාත්‍රියක ඔබම නිපදවූ අප ද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.

එහෙත් විනාශය කරා යන බව ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් වෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍ය ලබා දෙන්න වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලඳ සෑම කෑලෑ අශ්වයෙකුම හීලෑ කරන ලඳ පැහැබර කදු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද ? නැති වී ගොස්ය. රාජාලියා කොහිද ? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ්බිම් මතින් පාවෙන වළාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තව දුරටත් මගේ මිනිසුන් පිළිබඳමතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කලේ අලුත් උපන් ළදරුවෙකු තම මවගේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් එට ආදරය කරන්න. දෙවියන් අප සියළු දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගනේය. සුදු මිනිසාට පවා පොදු ඉර්ණමෙන් ගැල්විය නොහැකිය. ඒ අරුතින් අප සියළු දෙනාම සහෝදරයෝ නොවෙමුද ?



"සුදු ජාතිකයෙකු වූ හෙන් රි ස්මිත් විසින් සියැටල් ගෙ දේශනය එළි දැක්වූයේ වසර 30කට පසුවය. ඒ වන විට සියැටල් මිය ගොස් වසර 16ක් පමණ ගත වීය. සියැටල් ජීවත් වූ කාලය තුල නොලද ජනප්‍රියත්වයක් එම ප්‍රකාශය එළි දැක්වීමෙන් පසුව හිමිවෙන්නට විය. "
"මිලේච්ජ යැයි සලකනු ලැබුණ පුද්ගලයෙකුගේ මුවින් පිටවුණු එම වදන් ලෝකයක් මවිත කලේය...."


.......බුදු සරණයි.......





LOG SCREAN පින්තුරේ CHANGE කරමුද

by Unknown  |  in වෙනත් at  Monday, April 20, 2015


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ බ්ලොගිය පැත්තේ ආවේ අවුරුදු ආව නව අවුරුදු ආවා ඒත් එක්කම ගිය බං මොනවද ඉතින් ඔයාලට සුභ පතුමක්වත් දන්නා බැරි උනානේ ඒකට කමක් නෑ


මෙන්න ඔයාල ඔක්කොටම සුභ පැතුම් ආ.........
    සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!  

ඇග පත ඔක්කොම රිදෙනවා අෆ්ෆා ගමේ අවුරුදු උත්සවේට ගම හරහා දියුවා දැන් තම තේරෙන්නේ බලකු මට වෙච්චි දෙයක් ඉදල ඉදල කණා මුට්ටි ගහන්න ගියා මම පෝලිමේ ඉන්නකොට වෙන එකෙක් ඒකට කෙලිය ඊට පස්සේ ඒ දන්දෙ යන්න හිටිය එක අපේ මල දිනුව වැඩේ හරියන්නේ නෑ කියල මම පොර වෙන්න කියල හිතාගෙන අවුරුදු කුමාරිට කෝට්ටෙන්  ගහල කුමරයල යෝගට් කවල පැනල අවා

හරි දැන් මම කාරණයට බහින්නම් ඔන්න එක පාරක් අපේ සහෝදරයෙක් දුන්න නේද BOOT CREAN EDITER app එකක් එකත් නියමි නේ අර එකම ANIMATION එක දැකල දැකල එපා වෙලානේ හිටියේ මටත් එහෙමයි අෆ්ෆා  ඒකට අපේ සහෝදරයෙක් විසදුමක් දුන්නනේ,
මමත් අද ගේනවා තවත් APP එකක් මේකෙන් වෙන්නේ ඔයාගේ P.C එකේ log on screan එක change කරන එකක් පහල ලින්කුවක් ඇති බාගන්නකො



++++DOWNLOAD++++ 
හරි එහෙනම් ඔය .rar file එක exract කරගන්නකො

ඊට පස්සේ ඔය APP Run as administor දෙන්න
නැත්නම් ඔයා ඔයාගේ pc එකේ සැබෑ අයිතිකාරයා නම් එහෙම කරන්න ඕනේ නෑ නිකන්ම run කරන්නට
පහල තියෙනවා screan shots වගයක් බලලම යන්න




ඔය තියෙන්නේ බබා වගේ එහෙනම් මම ගියා පුතේ

බුදු සරණයි ......!!!!

සිංහල විශ්වය පුරා යවල, NASA එක තව දෙයක් හොයාගෙන

by Unknown  |  in වෙනත් at  Wednesday, April 01, 2015
හප්පේ කූමද කූමද ඈ....? ගොඩ කාලෙකින් syberlk එකට set උනේ මේ දවස්වල ගොඩාක් වැඩ, වාද විවාද හුටා වැරදුනා වාර විභාග එහෙම පටන් ගෙනනේ පාඩම් කරනවා හෝ  ගාල.

මේකට හැමදාම වැඩ, මොකෙද්ද කියලනම් අහන්න එපා හරිද.. හික්ස්.....@#$%

ආ එක නවෙයි ඔයාල ඔක්කටම happy birth day ආ ඔයාල අහන්න එපා. "තුමාරා pk යා"  කියල එහෙම මොකද මම ඕව පාවිච්චියක් නැති නිසා

  මේකයි වැඩේ මං හොයා ගත්ත පොඩි  news 2ක් වැදගත් ඒවා

 මෙන්න කියවන්න
  01. සිංහල භාෂාව පිටසක්වලට ඇමතීමට  විශ්වය පුරා මුදා හරියි
    02.පෘතුවියට සමාන ග්‍රහයන් දෙදෙනෙක්
   

01. සිංහල භාෂාව යනු ලෝකයේ පැරණිතම භාෂා අතලොස්ස අතරින් එකක් වීම ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බරයට කරුණකි මෙන්න එක දෙගුණ තෙගුණ කරන ආරංචියක් ඔයාල දන්නවා alian ල ඉන්නවා කියල විවිද අය විවිද මත පල කරලා තියෙනවා කියල

දැන් nasa ආයතනය පිටසක්වල සම්බන්ද කරන පර්යේෂණයන්ට අත්වැලක් කරගන්න සිංහල භාෂාව මෙන්ම තවත් භාෂා 55ක් විශ්වය පුරා විවිද යුනිකෙතයන් මුදා හැර ඇති බවට සදහා වේ සිංහල භාෂාවෙන් ආයුබෝවන් ((“Wish You a Long Life”)) ලෙස මුදා හැර ඇත තවද විවිද භාෂා වල වචන කීපයක් මුදා හැර ඇත ඒවා පත ඇති බලන්නකෝ

                                                                                                          
                                                                                                                                                                                                              
»Akkadian
“May all be very well”
»Amoy (Min dialect)
“Friends of space, how are you all? Have you eaten yet? Come visit us if you have time.”
»Arabic
“Greetings to our friends in the stars. We wish that we will meet you someday.”
»Aramaic
“Peace”
»Armenian
“To all those who exist in the universe, greetings.”
»Bengali
“Hello! Let there be peace everywhere.”
»Burmese
“Are you well.”
»Cantonese
“Hi. How are you? Wish you peace, health and happiness.”
»Czech
“Dear Friends, we wish you the best.”
»Dutch
“Heartfelt greetings to everyone.”
»English
“Hello from the children of planet Earth.”
»French
“Hello everybody.”
»German
“Heartfelt greetings to all.”
»Greek
“Greetings to you, whoever you are. We come in friendship to those who are friends.”
»Gujarati
“Greetings from a human being of the Earth. Please contact.”
»Hebrew
“Peace.”
»Hindi
“Greetings from the inhabitants of this world.”
»Hittite
“Hail.”
»Hungarian (Magyar)
“We are sending greetings in the Hungarian language to all peace-loving beings in the Universe.”
»Ila (Zambia)
“We wish all of you well.”
»Indonesian
“Good night ladies and gentlemen. Goodbye and see you next time.”
»Italian
“Many greetings and wishes.”
»Japanese
“Hello? How are you?”
»Kannada (Kanarese)
“Greetings. On behalf of Kannada-speaking people, ‘good wishes.'”
»Kechua (Quechua)
“Hello to everybody from this Earth, in Kechua language.”
»Korean
“How are you?”
»Latin
“Greetings to you, whoever you are; we have good will towards you and bring peace across space.”
»Luganda (Ganda)
“Greetings to all peoples of the universe. God give you peace always.”
»Mandarin Chinese
“Hope everyone’s well. We are thinking about you all. Please come here to visit when you have time.”
»Marathi
“Greetings. The people of the Earth send their good wishes.”
»Nepali
“Wishing you a peaceful future from the earthlings.”
»Nguni (Zulu)
“We greet you, great ones. We wish you longevity”
»Nyanja
“How are all you people of other planets?”
»Oriya
“Greetings to the inhabitants of the universe from the third planet Earth of the star Sun.”
»Persian
“Hello to the residents of far skies.”
»Polish
“Welcome, creatures from beyond the outer world.”
»Portuguese
“Peace and happiness to all.”
»Punjabi
“Welcome home. It is a pleasure to receive you.”
»Rajasthani
“Hello to everyone. We are happy here and you be happy there.”
»Romanian
“Greetings to everybody.”
»Russian
“Greetings! I Welcome You!”
»Serbian
“We wish you everything good from our planet.”
»Sinhalese
“Wish You a Long Life.”
»Sotho (Sesotho)
“We greet you, O great ones.”
»Spanish
“Hello and greetings to all.”
»Sumerian
“May all be well.”
»Swedish
“Greetings from a computer programmer in the little university town of Ithaca on the planet Earth”
»Telugu
“Greetings. Best wishes from Telugu-speaking people.”
»Thai
“We in this world send you our good will”
»Turkish
“Dear Turkish-speaking friends, may the honors of the morning be upon your heads.”
»Ukrainian
“We are sending greetings from our world, wishing you happiness, goodness, good health and many years.”
»Urdu
“Peace on you. We the inhabitants of this earth send our greetings to you.”
»Vietnamese
“Sincerely send you our friendly greetings.”
»Welsh
“Good health to you now and forever.”
»Wu
“Best wishes to you all.”

02.පෘතුවියට සමාන ග්‍රහයන් දෙදෙනෙක් ස්ටිටින බවට nasa ආයතනය සදහන් කර ඇත. නාසා ආයතනයට අයත් කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියට බෙහෙවින් සමානකම් සහිත ග්‍රහයන් දෙකක් හඳුනාගෙන තිබේ.

නාසා ආයතනය කියන්නේ , මෙම ග්‍රහයන් දෙක මත පාරභෞමික ජීවය පැවතිය හැකි බවට විශ්වාස කළ හැකියි කියල අපි දන්නා නේ ඇත්තද කියල තම photos වත් නිකුත් කරලා නැ මං කිතන්නේ.

නමුත් එම ග්‍රහයන්‍ තුළ අධික උෂ්ණත්වයක් හෝ අධික ශීතලක් නොපැවතීම නිසා  එය පෘථිවියට සමානකම් දක්වනැ බව nasa ආයතනය පවසනවා ඔන්.

පෘථිවියේ සූර්යයා මෙන් අදාළ ග්‍රහයන්ට ආලෝකය සපයන තාරකා පවතින බව ය.

අදාළ ග්‍රහයන් විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව හඳුනාගෙන තිබේ. මාරු නේ සිංහල මුදා හාපු එකෙන් වැඩක් වෙයි වගේ නේ >>>>>>>

 එහෙනම් මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියල මං යනවා එහෙනම්
good bye!

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.