Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

කට කතා අහන්න කැමතිද ?

by Akilage potha  |  in රස කතා at  Wednesday, January 28, 2015

ඔන්න දවසක් සොක්‍රටීස් මුණගැසෙන්න ඔහුගේ අනු ගාමිකයෙක් බොහෝ දුරක ඉදල ආවා.  දෙන්නෙක් හමු උණාම කටකතාවක් ඔස්සේ කතා බහ බොහෝ දුර ගෙනියන්න පුළුවන් නිසා සොක්‍රටීස්ගේ අනු ගාමිකයත් කටකතාවකින්ම වැඩේ පටන් ගන්න හිතුවා.

   "ඔබ දන්නවාද ඔබගේ අර යහළුවා ගැන මාර ආරංචියක් අපේ පැත්තේ පැතිරෙනවා ? මම හිතන්නේ ඔබ ඒක දැන ගන්න කැමති වෙයි"  ඔහු උනන්දුවෙන් කිව්වා.සොක්‍රටීස් කට ඇරගෙන කතාව අහයි කියලා ඔහු විශ්වාස කළා.

   "මම කිසියම් ආරංචියක් දැනගන්න කලින් පොඩි පරීක්ෂණයක් කරනවා. ඔබ එම පරීක්ෂණයෙන් සමත් උනොත් ඔබට පුළුවන් මගේ මිත්‍රයා ගැන පැතිරෙන ආරංචිය මට කියන්න." සොක්‍රටීස් ඉතාම සන්සුන්ව කිව්වා.

  "මම කැමතියි ඔබගෙ පරීක්ෂනයට මුහුණ දෙන්න." ඔහු කිව්වා.

  "හරි මට කියන්න බලන්න ඔබ කියන්න හදන දේ ඇත්ත කියල ඔබට ලොකු විශ්වාසයක් තියෙනවද ? " සොක්‍රටීස් ඇහුවා.

  " ම් ම් ම් එහෙම නම් නෑ. මට ගොඩාක් අය එහෙම කිව්වා. ඒක නිසා තමයි මම කියන්නෙ. " ඔහු තරමක් අවිශ්වසයෙන් කිව්වා.
 
  "හරි හරි. ඒ කියන්නෙ ඔබට එය ඇත්ත කියල විශ්වාසයක් නෑ . ඇහුන නිසා කියනවා. ඒකට කමක් නෑ. මට දැන් කියන්න ඒ කතාව මගෙ යහළුවා ගැන හොදක් කියවෙන දෙයක්ද ? නරකක් කියවෙන දෙයක්ද ? "

   "ඇත්තටම ඒක ඔබගේ යහළුවා ගැන නරක දෙයක් තමයි කියන්නේ..." අමුත්තා තරමක සැකයෙන් හීන් හඩින් එහෙම කිව්වා. මොකද නරක ආරංචි අහන්න මිනිස්සු කැමතියිනේ...

  " හරි, ඔබ මට කියන්න හදන්නේ ඔබට ඇහුණු නමුත් ඔබට එය ඇත්ත කියල විශ්වාසයක් නැති මගේ යහළුවගේ නරක කතාවක්. කමක් නෑ මිත්‍රයා. මට අවසානයට කියන්න ඔය කතාවෙන් මට වැදගත්කමක් තියෙනවද ?"

  "ඇත්තටම ඔබට එහි ලොකු වැදගත්කමක් හෝ ප්‍රයෝජනයක් නෑ. ඔබගේ දැනගැනීමට එය හොදයි. මම මේ නිකමට කියන්නේ..." අමුත්තා කිව්වා.

  " එහෙනම් ඒ කතාව කරුණාකරල මට කියන්න එපා. මට ඒ කතාව අහන්න අවශ්‍ය නෑ. ඔබ සත්‍යයයි කියල හිතන, මට වැදගත්කමක් තියෙන, ඕනෑම කෙනෙක්ගේ නරකක් හෝ හොදක් සම්බන්ධ ඕනෑම කතාවක් අහන්න මම සූදානම්. එහෙත් කියන කෙනත් සත්‍යයයි කියල විශ්වාස නොකරන, අහන කෙනාට වැදගත් නෑ කියල කියන කෙනත් හිතන කිසිම දෙයක්  මම අහන්න සූදානම් නෑ. ඔබ පරීක්ෂනය අසමත්." සොක්‍රටීස් අන්න එහෙම පැහැදිලි කළා...

  ඔයාලත් ඔයාලට අහන්න ලැබෙන කටකතා මේ ක්‍රමයට විශ්ලේශනය කරල බලන්න... සමාජයේ වෙන්නේ මොනවද කියල තේරුම් ගන්න කටකතා ඉතා ප්‍රයෝජනවත්. ඒත් ඒ කතා ඇත්ත නොවේනම්,,,,,, ඇත්ත උනත් නැතත් ඔබට ඉන් ප්‍රයෝජනයක් නැත්නම්,,, ?
  හිතල බලන්න

මගෙ පලවෙනි පෝස්ට් එක කතාවක් කියන්න හිතුනා.. සොෆ්ට්වයා කොහොමත් ලබෙනවනෙ...

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.