Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Sony Smart phone එකක Boot loader එකක් Unlock කරමු (official method)

by Unknown  |  in Android at  Monday, October 19, 2015



හා හා පුරා කියලා Sony Smart phone එකක Boot loader  එකක් Unlock කරන විදිහ කියලා දෙන්නයි යන්නේ.මම මේ ශේෂ්ත්රයේදී Mobile Hardware පැත්තට වඩා Software පැත්ත ගැන පෝස්ට් ලියනවා.මොකද සෑහෙන දුරකට පැත්ත ගැන දන්න නිසා.

හරි අපි බලමු Sony Smart phone එකක Boot loader  එකක් Unlock කරන විදිහ,

මොකක්ද මේ Boot loader එකක් කියන්නේ?

විශේෂයෙන්ම Sony,HTC වැනි ජංගම දුරකථන නිශ්පාදනයෙදීම මෙම Boot loader Lock කර තමා වෙලදපලට නිකුත් කරන්නේ.Boot loader දුරකථන මෙහෙයුම් පද්ධතියේ ස්ථාවර බව සහතික කිරීම සදහා යොදා ඇති අගුලක් කිවහොත් නිවැරදියි.මෙම Boot loader යොදා ඇති විට දුරකථනය CWM Recovery install කිරීම,Root කිරීම,Custom Rom Flash කිරීම වැනි දෑ කිරීමට නොහැකඑසේ කරනවානම් දුරකථනයේ Boot Loader Unlock කර අවසර ලබා ගත යුතුය.

ඔයාලා ෆෝන් එක Root කරන්න,Custom Rom Flash කරන්න වගේ හිතන් ඉන්නවනම් ඊට කලින් මේ Boot Loader එක Unlock කරගන්න ඕනේ
හරි අපි බලමු කොහොමද Sony දුරකථනයක Boot Loader එක Unlock කරගන්නේ කියලා. මේක ක්රම දෙක තුනකින් කරන්න පුලුවන්.

මම මේ පොස්ට් එකෙදී official boot loader unlocking method එක කියලා දෙන්නම්.

මුලින්ම බලන්න ඕනේ ජංගම දුරකථනයේ Boot Loader එක Unlock කරන්න පුලුවන්ද බැරිද කියන වග.ඔයාගේ පෝන් එක warranty තියෙනවනම් Unlock කරන්න එපා warranty නැති වෙනවා.

හරි ඔයා ඉස්සල්ලම දුරකථන යතුරු පුවරුවේ *#*#7378423#*#*මේ කේතය Dial කරන්න. එතකොට Service Menu එකක් ඒවි. මේ පිලිවෙලට ගිහින් බලන්න 

Service info > Configuration > Rooting Status

යන්නෙහි  Bootloader unlock allowed : yes යනුවෙන් සදහන් වි ඇත්නමි පමණක් bootloader Unlock කල හැකිය.


හරි අපි official boot loader unlocking method එක කරමු.
1.මුලින්ම http://developer.sonymobile.com/unlockbootloader/ සයිට් එකට යන්න.

2.සයිට් එකේ යටටම ගියාම තියෙනවා Sony Device එක තෝරන්න.එතනින් Device Model එක තෝරලා Continue දෙන්න.


3.දැන් ඔයාගේ Email එක ඉල්ලනවා.එතනට ඊමේල් එක දීලා Submit කරන්න.


ඔයාගේ ඊමේල් එකට ලොග් වෙලා වෙතින් ඇවිල්ලා තියෙන මේල් එකේ Click here to proceed ක්ලික් කරන්න.
ඊට පස්සෙ අලුත් පිටුවකට එයි.

4.දැන් දුරකථනයේ IMEI එක ඇතුලත් කරන්න ඕනේ.එක හොයාගන්නේ ඩයල් පෑඩ් එකේ *#06# යනුවෙන් Dial කල විගස දුරකථනයට අදාල imei එක දිස්වේ.එය මෙහි සදහන් කර Submit දෙන්න.



5.ඔන්න දැන් ඔයාට දුරකථනයට හිමි unlock code එක ලැබුනා.දැන් කොහොමද Unlock කරන්නේ.

6.දැන් ADB Drivers,Sony USB Drivers Install කරලා තියෙන්න ඕනේ.නැත්නම් Java SDK පැක් එක.නැත්නම් මේක Install කරගෙන Restart කරගන්න.
Sony Drivers & ADB Drivers

7.දැන් ෆෝන් එක Fastboot Mode මගින් පරිගණකයට සම්බන්ධ කරගන්න

Fast boot Mode එක ෆෝන් එකෙන් එකට ගොඩක් දුරට වෙනස්. නිසා ෆෝන් ඒකට අදාල Fast boot Mode දැමීම සදහා යොදාගන්නා Hardware Keys හොයාගන්න පුලුවන්(Google)

උදාහරනයක් ලෙස Xperia L දුරකථනය ගන්නම්.Volume up Press කරගෙන Data cable එක සම්බන්ධ කලාම Fastboot Mode වැටෙනවා. එහෙම Fastboot වැටුනම දුරකථනයේ LED එක නිල් පාට උනා

මේ විදිහට දුරකථනයට අදාල Fastboot Mode ආකාරය ගූගල් සෙවීම මගින් දැනගත හැක.

8.හරි දැන් Install කරගත්තු ADB drivers Folder එක Open කරලා Shift Press කරගෙන Right Click කලාම Open Command Window here කියලා තියෙනවා.අන්න ඒක Click කලාම CMD එක එයි.

OR 
නැත්නම් මෙහෙමත් පුලුවන් 



9. දැන් මේ විදිහට නිවැරදිව Type කර Enter Press කරන්න.

fastboot devices
එතකොට Fastboot Device එකක් පරිගණකයට සම්බන්ධ කර ඇති බව පෙන්නුම් කරයි.එසේ නොමැති උවහොත් නැවත Driers හා ADB යොදා උත්සහා කරන්න.
හරි දැන් මෙහෙම Type කරන්න.



fastboot -i 0x0fce oem unlock 0x5499DD8394D1B66D
0x5499DD8394D1B66D
ඔය රතු පාටින් තියන තැනට ඔයාට SonyMobile විසින් ලබාදුන් දුරකථනයට හිමි unlock code එක සදහන් කර Enter Press කරන්න.

Finished කියලා වැටුනොත් වැඩෙ හරි. failed වැටුනොත් මොකක් හරි අව්ලක් තියෙනවා.ADB drivers චෙක් කරලා බලන්න.ගැටලුවක් ඇති උනොත් අහන්නකො.මගෙ පලවෙනි mobile repairing පොස්ට් එක,මින් ඉදිරියට Android,Apple mobile repairing ලිපි ගණනාවක් ලියන්න හිතන් ඉන්නවා.
හරිම මහන්සියි.ඔයාලගේ අදහස් හා ගැටලු සදහන් කරලා යන්න.
ස්තූතියි! ජය!



0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.