Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අරුම පුදුම නිර්මාණය.. ගැහැණිය..

by Akilage potha  |  in රස කතා at  Saturday, April 04, 2015





ආ ආ යාලුවනෙ.... කොහොමද ?
හුග කාලෙකින් නොවැ''' ඉතින් අපෙ සෙට් එකේ මුළු කාලෙම exam කියන (..........) (ඔය හිස්තැනට කැමති දෙයක් දාගන්න..) අපි හිර වෙලා හිටියෙ. ඔය කිව්වට මම නම් ඕකට ගියේ නෑ. මොකද කිව්වොත් කුබුරු වැඩ තිබ්බනෙ, අනික මගෙ බෙල්ල කැඩිල(උලුක්කුවක් ඈ) තිබ්බනෙ..

ඒකෙන් මේකෙන් වැඩක් නෑ. මං අද post එකට බහින්නම්කො.
මං අද කියන යන්නෙ කාන්තාව ගැන.. ඔයාලා දන්නවනෙ women කියල සින්හලෙන් කියන්නෙ.. මම කාන්තාවක් ගැන කතා කරද්දි මටනම් මුලින් මතක් වෙන්නෙ මගෙ අම්මා... "අම්මේ ඔබ මගේ රැජිණයි... සංසාරයේ මා නුබ ලගයි"... කියන සිංදුවට මගෙ හිත යනවා ඕන්.. ඊට පස්සෙ මට මතක් වෙන්නෙ ගුරුවරියක් තමා. ඒ මදුරප්පෙරුම ගුරුතුමියනෙ.. තව කාලයක් ගිහින් මට මගෙ කෙල්ලත් ඊටත් පස්සෙ මගෙ බිරිදත් ඊටත් පස්සෙ මගෙ දුවත් මගෙ මතකෙට එයි කාන්තාව කියන මාතෘකාව කතා කරනකොට.. හරි මං යටින් දාල තියන දෙ කියවලා බලන්නකො.. මේ මගේ අදහස් නෙවේ. උගත් බුද්ධිමතුන් කියපු ලොව පතල අදහස් ඈ.. අපි quote කියල සින්හලෙන් කියන්නෙ මේවට තමා...

                 01ගැහැණිය මඳ සුළගින් පවා නැමීයන, එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි.

02.දෙව්ලොව ගීතය තාරකාවන් ය. මනුලොව ගීතය කාන්තාවන්ය.

03.රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය.

04.මිනිසාගේ අභිවෘද්දියේ මාවත ගැහැණිය යි.

05.ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින් ය. පිරිමින්ගේ බොහෝ හොඳ ගති වලට පිරිමි බොහෝ විට ගැහැණුන්ට ණය ගැතිය.

06.ලෝක පැවැත්මත්, ලෝක විනාෂයත් රඳා පවතින්නේ ගැහැණිය මතයි.

07.මිහිරි සංගීතයක් වැනි ගැහැණු, පිරිමියා රසභාවයෙන් රසවත් කරයි.

08.ලොවක් පාලනය කළ හැකි අතක් ඇති ගැහැණියකට ලොවක් ගිණිබත් කළ හැකි කටක් ද ඇති බව ද කියයි.

09.මිනිසෙකුට මෙලොව ලද හැකි රමණීයම ආශ්වාදය ලබා දිය හැක්කේ ගැහැණියටයි.

10.යක්ෂයෙකු වැනි පිරිමියකු අවනත කළ හැක්කේ ද, අවනත වූ පිරිමියෙකු යක්ෂයකු කළ හැක්කේ ද ගැහැණියකටයි.

11බැගෑපත් ආදරක් ගණන් නොගන්නා ගැහැණිය අභිමානවත් ආදරයක් ප්‍රිය කරන්නීය.

12.ගැහැණිය මේ ලෝකෙට බිහිවෙලා ඉන්නේ ජීවිත කාළය පුරාම හඩන්නවත්, හිනහෙන්නවත් නෙවෙයි. ජීවිත කාළය පුරාම හැඩීමත්, සිනාවත් අතර රැදෙමින් ලෝකය තවත් ලස්සන කරන්නටය.

තව තියෙනවා.. ඒත් දැනට මේ ඇති.  අපි සෙට් වෙමු ආයෙත්.. 

""බුදු සරණයි''''

5 comments:

  1. එල මචෝ එල එකට හතක හිටියත් එපා නොවන ගැහැණිය ගැන තව මොන කතාද ....ලිය ලිය ඇතිවන්න ලිය

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ... ඔයාගේ කතාවත් අැත්ත..

      Delete
  2. ekath naraka na fatta aaaaaaaaaaaaaaa

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.