Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Designcrowd වලින් පෝසත් වෙමු! Designer ලාගේ සල්ලි ආකරය?

by Unknown  |  in ඊ මනී at  Thursday, August 14, 2014



ගුත් මෝනින් හැමෝතම!! උදෙන්ම පෝස්ටුවක් දාන්න කියලා එන්ටර් උනා බ්ලොගිය පැත්තට.හුග දවසකින් දැම්මෙත් නෑනේ! මොකක්ද>>> ලිපියක් අනේ. 
හිතට සතුටක් දැනෙන ආරංචියක් තීනවා. ඒ මොකක්ද දන්නවද, සයිට් එකට විසිටර්ස්ලා 100000 පාස් කලා. තැන්කූ යාලුවෝ හැමෝටම, දිනකට අති විශාල ප්‍රමානයක් එනව දැන්. ඉස්සරහටත් අපිත් එක්ක රැදිලා ඉන්න ඈ.. මේ දවස් වල සුට්ටක් අසනීපයි.පෙරහැර බලන්න ගිහින් හෙම්බරුසාවක් හදන් ආවා නොවැ,ඉන්ට බෑ අප්පා. අද මනෝජ්ගේ පින්කම.කොල්ලො ටික ඉහලින්ම පින්කම සංවිධානය කරලා තීනවා.තව ටිකකින් එහෙ යන්නත් ඕනි.

ඔන්න අද ඊමනී පෝස්ටුවක් දාන්න යන්නේ.කාලෙකින් ඒ ගැන දැම්මෙත් නෑ නොවැ. එහෙනම් කට වහන් කියවනවකෝ.. ( තලා නෑනේ)

මොකක්ද මේ Designcrowd ?

      මේක ඇත්තටම ගොඩක් දෙනා දන් නැති දෙයක් (ලංකාවේ) .නමුත් සමහරු මෙමගින් සෑහෙන මුදලක් උපයනු ලබනවා. 
                 Designcrowd කියන්නේ ආයතනයක්. ඒක වෙන් වෙලා තියන්නේ Graphic Designලට ඔයාටත් යම් තාක් දුරකට Graphic Design පුලුවන්නම් Designcrowd එකත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.මේකේදී 


  • Graphic design
  • Logo design
  • Web design
  • Banner ad design
  • Brochure design
  • Business card
  • Flyer design
  • Icon design
  • Packaging design
  • Poster design
  • Print design
  • Stationery design
  • TShirt design
  • Wordpress design

 වගේ Project තමා කරන්න තියන්නේ. සාමන්යෙන් $100-$800 දක්වා පරාසයකට වැඩ තියනවා. පුංචි Logo එකක් හදලා උනත් සෑහෙන මුදලක් හොයාගන්න පුලුවන්. ඉතින් මේ වගේ සල්ලි උල්පත් අපි අන් අය වගේ හංගන්නේ නෑ  මුලින්ම පහත බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න. ලියපදිංචි වෙනකොට ඔයා දිනපතා චෙක් කරන ඊ මේල් ලිපිනය ලබා දෙන්න මොකද ඊ මේල් ලිපිනය තමා ඔයට එන ෆීට් බැක්,එලර්ට්,ඉන්විටේෂන් එන්නේ.


ඔයා Designcrowd ගිණුමක් හදාගෙන වැඩ පටන් ගන්න කලින් අනිත් අය කරපු Project ඉහෙම අධ්‍යනය කරන්න.මේකට සාමාන්යෙන් Corel Draw,Photoshop,wordpress,illustrator වගේ දැනගෙන හිටියම ඇති.පාරිභෝගිකයා සමග අදහස් හුවමාරු කරගන්නත්,අවශ්‍යයතාව තේරුම් ගැනීමටත් ඉංග්‍රීසි දැනුම යම් තාක් දුරට ප්‍රමාණවත් වෙන්න ඕනේ.

හරි අපි හිතමු Logo design එකක් කරන්න යනවා කියලා.එහෙනම් Browse jobs Click කරලා Logo design click කරන්න.



ඉන්පසු ලැබෙන Project වලින් හොද එකක් තෝරාගෙන Description එක හොදට කියවලා බලන්න.තමන්ට වැඩේ හොදට කරන්න පුලුවන්නම් Submit Your Design කියන එක ක්ලික් කරන්න.




දැන් ඔයා හොද Logo එකක් හදන්න.හදලා Submit design File කියන තැනට Upload කරන්න.




ඒවගේ ඔයා submit කරපුවා Watch list වලින් බලන්න පුලුවන්.

ඊට පස්සේ සමහරවිට එම Project එක දැමූ කෙනා ඔයාගේ ඩිසයින් වලට කමේන්ට් කරයි,නැත්නම් යම් යම් වෙනස්කම් කරලා දෙන්න කියයි.එහෙම උනොත් යම් යම් වෙනස්කම් කරලා දෙන්න ඔයාට සිදුවේවි.ඊටපස්සේ එයා ඔයාට සතියක් දෙනවා එක Logo හදන්න යොදාගත් Source file Upload කරන්න. ඔයාට පුලුවන් Submisson Source file ගිහින් Upload කරන්න.ඒවත් බලලා තමා ඔයාගේ Logo එක තෝරගන්නේ.ඔයාගේ Logo එක එතනින් ප්‍රතික්ෂේප වෙන්නත් පුලුවන්.

ඕන දෙයකට හොදට මහන්සි වෙන්න ඕනේ.මහන්සියේ තරමට තමා ප්‍රථිඵලත් තියෙන්නේ.මේක දවසකින් බෑ කියලා අතාරින්න එපා.ටික කාලයක් උත්සාහ කරන්න.දැන් මම මෙහෙම කිවුවා කියලා බයවෙන්න එපා.බලන්නකෝ පහල උදාහරණය.




බලන්න ඉහත තියෙන එක.ඒක තමා කරලා තියෙන්නේ.ඕකට $350ක් ගෙවලා තියෙනවා. ලංකාවේ මුදලින් රු.49000ක් විතර වෙනවා. හිතන තරම් එච්චර අමාරු නෑ. ඒවගේ උදාහරණ ටිකක් තව දාන්නම්,







තමන්ගේ එකක් තෝරාගන්නේනම් එම නිර්මාණය ඉහල ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේ.ඒක පික්සල ගණන,කලර් එක,දිග පලල,කලර් මොඩ් එක,කැන්වස් වගේ දේවල් නියමාකාරයෙන් තියෙන්න ඕනේ.ඔයා මුලින්ම Upload කරන්න ඕනේ logo එකේ praview එක. PNG,JPG වැනි Format එකක් වෙන්න ඕනේ.



කිසිම දෙයකට බයවෙන්න එපා.වැටි වැටි තමා නැගිටින්න ඕනේ.එතකොට පුලුවන් සල්ලි කාරයෙක් වෙන්න.උත්සාහයයි කැපවීමයි තිබුනොත් ඒ හොදටම ඇති.මේ රැකියාව ඉතා හොද සල්ලි ආකරයක් වනු නොඅනුමානය.

එහෙනම් ගුඩ් බායි චිල් රන්... කමේන්ටුවක් දාන්න අමතක් කරන්න එපා ඈ..

7 comments:

  1. එල එකක් මචං.. Source file කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Source file කියන්නේ.ඔයා LOgo එක හදාගන්න උපයෝගී කරගත් මූලාශ්‍ර වගේ.

      Delete
  2. මචන් මොනවද Source file කියන්නේ. පොඩි පැහැදිලි කිරීමක් කරනවද.. thanks

    ReplyDelete
    Replies
    1. Source file කියන්නේ.ඔයා LOgo එක හදාගන්න උපයෝගී කරගත් මූලාශ්‍ර වගේ.

      ඒ කීවේ ඔයා logo එක හදන්න පොඩි පොඩි රූප නෙට් එකෙන් ගත්තනම් ඒවගේ ලින්ක්ස්,logo එක හදපු psd එක,හදන්න උපයෝගී කරගත් මූලාශ වගේ ඒවා

      Delete
    2. source file wlata egsample tikak dennako plz ,,
      therenne na bn source file kyna 1ka ??????????

      Delete
  3. මචන් logo එකේ preview එක කියන්නේ මොකක්ද?

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.