Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අදෘශ්‍ය වෙබ් අවකාශයේ දොරටුව වෙත....

by Unknown  |  in වෙනත් at  Saturday, August 09, 2014

ආ......... කෝමද යාලුවනේ ..... කාලෙකින් තමා ඉතින් පොස්ටුවක් දන්නේ ........ හරියටම කිව්වොත් මාසෙකින් වගේ තමා ....... දාපු පොස්ටුවලටත් හොද ප්‍රතිචාර එහෙම හම්බවෙලා තිබුන........  මේකටත් එහෙම හම්බවෙයි කියල මන් හිතනවා........
                                                     කස්ටිය එහෙම සනීපෙන් ඉන්නවා කියල මන් හිතනවා......... 
                                     අද මන් කියන්න යන දේ ගැන පොඩි අදහසක් එහෙම ඔයාලට ටොපික් එකෙන්ම තේරෙනවා ඇතිනේ...
                                                     හරි ලොකුවට කතා  ඕනේ නැ .. වැඩේට බහිමුකො .... මේකේ ඉතින් ඔයාලට කරන්න දෙයක් නැ .... කියවන්න තමා වෙන්නේ..... ටිකක් කම්මැලි හිතෙයි .. ගණන් ගන්න එපා ... මේක ගැනත් දැනගන්න .... හැමදෙ ගැනම දනග්ගන්න එපැයි... හරිය.....

       මෙහෙමයි.... කස්ටිය දන්නවා නොව Search Engines ගැන ... මේකත් එහෙම දෙයක් වගේ... තමා..Google , Yahoo , Bing ලොව වැඩි දෙනෙක් බාවිතා කරන Search Engine නේ... මේ Search Engine ඔක්කොම ඔයාලට ඕනේ දේවල් ඔක්කොම හොයල දෙනා කියල Sure ද?????????????





පිළිතුර නැනේද...... Internet එක සැගවුණු හා පිටත කියල ආයාසයකින් තොරව දැනවෙන කොටස් දෙකකින් යුක්ත වෙනවා.....හරිය.....
                  මේවා සාමාන්යෙන් Normal Search Engines වලට හසු නොවන අන්තර්ජාල අවකාශය (Invisible Web)නැතහොත් අදෘශමාන ජාල  කියල  කියනවා.


                                           Normal Search Engines තොරතුරු  ඇති වෙබ් අඩවි සොයනු ලබන්නේ එක වෙබ් අඩවියකට පිවිස එම  වෙබ්  අඩවියේ  Link නැතිනම් එම අඩවි වල ඇති තොරතුරු අනුව ඒවා සුචිකරණය කොට වෙබ් අඩවි වර්ග කොට ගබඩා කිරීමයි.ගවේෂණ යන්ත්‍ර වලින් වෙබ් අඩවි වර්ගීකරණය කොට මිස ගබඩාවල සුචිකරණය කරගත හැක්කේ එම වෙබ් අඩවි ගවේෂණ යන්ත්‍ර වලට පිවිසීම සදහා අවසර දීල තියෙනවනම් විතරයි.  මේකට අපි කියනවා Scroll කිරීම කියල.
        යම් විදිහකින් මේ Web අඩවියක් විසින් ගවේෂණ යන්ත්‍ර වලට පිවිසීමට අවසර දෙන්නේ නැත්නම් ඒ Web අඩවිය ගවේෂණ යන්ත්‍ර වල සුචිකරණයට අහුවෙන්නේනැ.. ඒ කියන්නේ ..... website වල තීන තොරතුරු මොනෙවද කියලා දැනගන්න Search Engine එකෙන් බැරි වෙනවා...
       අපිට නොපෙනෙන අවකාශය පෙනෙන අවකාශයට වැඩ වැඩියි.... හරිය...
  සාමාන්‍යය ගවේෂණ යන්ත්‍ර වලට දැක්විය හැකි දෘශ්‍ය වෙබ් අවකාශයේ විශාලත්වය 167 TB වෙනවා....හරි ලොකුයි නේද????
හැබැයි සාමාන්‍යය ගවේෂණ යන්ත්‍ර වලටඅහුවෙන්නේ නැති අවකාශය 91000 TB.... කොහොමද??????
මෙම දෘශ්‍ය අවකාශයේ ඇති බොහෝ වෙබ් අඩවි අයත් වන්නේ පව්ද්ගලික ආයතන , රජයේ ආයතන , අද්‍යපනික වැනි සංවේදී තොරතුරු ඇතුලත් වෙබ් අඩවි වලටයි....

 එහෙනම් කොහොමද මේ අදුරුෂ්‍ය වෙබ් අඩවි සදහා පිවිසෙන්නේ ???????????

ඒවාට වෙනම සකස් කරපු ගවේෂණ යන්ත්‍ර තියෙනවා.. දැන් බලමු ඒවා මොනවද කියල.
  •  INFORMINE



     ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ පුස්තකාල කීපයක එකතුව සිය වෙබ් අඩවි වල තොරතුරු දැක්වීම් සදහා සකස්කෙරුණ ගවේෂණ යන්ත්‍රයක්.

  • The Virtual Library
     ලොව පැරණිම යන්ත්‍රය ලෙස නැතිනම් වෙබ් අඩවි සුචිකරණය ලෙස මෙය පිළිගෙන ඇත.Tim Berners Lee විසින් අරඹා ඇති මෙය  අදුරුෂ්‍ය වෙබ් අවකාශය හුව දක්වන හොද ගවේෂණ යන්ත්‍රයකි.

  • Intute



    මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොට ගත් අදුරුෂ්‍ය වෙබ් අවකාශය වෙත පිවිසීම සදහා මා බ්‍රිතානයේ ඇති විශ්ව විද්‍යාල අද්‍යපනික හා වෙනත්  පර්යේෂණ ආයතන විසින් සිය වෙබ් අඩවි හුව දැක්වීම සදහා නිපදව ඇති තවත් හොද ගවේෂණ යන්ත්‍රයකි.

  •  Bright Planet



     අදුරුෂ්‍ය වෙබ් අඩවිවල තොරතුරු හුව දක්වන මෙම ගවේෂණ යන්ත්‍රය සතු දත්ත ගබඩාවේ වෙබ් අඩවි 70,000 ක් පමණ ගබඩා වී තිබේ.

  • Info Please



      අදුරුෂ්‍ය වෙබ් අවකාශයේ ඇති විශ්ව කෝෂයෙන් සිතියම් , අද්‍යපනික තොරතුරු , ළමුන් සදහා ඇති වෙබ් අඩවි , ජීව විද්‍යත්මක දත්තයන් මෙම ගවේෂණ යන්ත්‍රය විසින් සුචිකරණය කරලා තියෙනවා..හරිය....
  
  • Deep Peep
      මෝටර් කාර්මික අංශය , ගුවන් ගමන් තොරතුරු ,  ජීවවිද්‍යා , හෝටල් වැනි අංශ විසින් අදුරුෂ්‍ය වෙබ් අවකාශයේ දක්වා ඇති වෙබ් අඩවි සුචිකරණය කොට ඇති ටහ්වත් ගවේෂණ යන්ත්‍රයකි.මෙහි 45,000ක් පමණ වෙබ් අඩවි සුචිකරණය කරලා තියෙනවා.

  • Incywincy 
       මෙම විශේෂ ගවේෂණ යන්ත්‍රය සතු හැකියාව වන්නේ අනෙකුත් ගවේෂණ යන්ත්‍ර තුල ඇති දත්ත ගබඩා තුඉන් තම දත්ත  ගබඩාව සකසා ගනිමින් අදුරුෂ්‍ය වෙබ් අවකාසයේ තොරතුරු සෙවීමට පහසුව සැලසීමයි.

  • Deep Web
     කොටින්ම කිව්වොත් මේක ඇවිල්ල ගවේෂණ යන්ත්‍ර 5 ක් හරහා අදුරුෂ්‍ය වෙබ් අවකාශයේ වෙබ් අඩවි සෙවීමට සැකසුනු ගවේෂණ යන්ත්‍රයකි.  

මේවයේ ර්හියෙන දේවල් අපිට එතරම් වැදගත් නැ හොදේ..... දැනගැනීම පිණිස තමා මන් මේ ටික ඔයගොල්ලොන්ට කිව්වේ.... දන්නා හැමදේම අනිත් අයත් එක්ක බෙදාගන්න මන් කැමිතියි....කස්ටියගේ යම් විෂයකට ඇදල තොරතුරු ගැබුරින් හොයන කෙනෙක් නම් මේ ගවේෂණ යන්ත්‍ර ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

එහෙනම් මන් යන්න කියල හැදුවේ ...... 
                        සුබ දවසක් ඔක්කොටම !!!!!!! .....

මේක අනිත් අයටත් කියන්න අමතක කරන්න එපා..... හොදේ....
 

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.