Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නිවැරදිව රූට් කරගමු. ( Android Root Using VRoot)

by Unknown  |  in ෆෝන් at  Sunday, July 27, 2014

අඩී.... අද දවස හොදයි අප්පා.. (එහෙම හිතමුකෝ) මේ අද ක්ලාසුත් නෑ.. ගෙදරටම වෙලා ඉන්ට වෙන්නේ ඕන්. අද ටිකක් වෙලා දොයිය ගත්තා 6 විතර වෙනකන්.නැගිට්ට ගමන් පෝස්ටුවක් දාන්න ඕනේ කියලා හිතුනා. ඉතින් ඔන්න පොස්ටුවක් දානවා.ඔන්න අල්ලගන්න එහෙනම්.ආ මෙන්න.,

හරි මම අද කියලා දෙන්න යන්න හදන්නේ Android ෆෝන් එකක් Root කරන හැටි.කලින් ලිපියක් දැම්මනේ Root කරනවා කියන්නේ මොකක්ද,රූට් කලාම තියෙන වාසි අවාසි මොනවද කියලා.ඒ ලිපිය කියවපු නැති අය මෙතනින් ගිහින් කියවලා එන්න. රූට් කරන්න යනවානම් අනිවා කියවලා එන්න.

මම කිවුවනේ Root කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා කියලා.ඒකෙන් ලේසි ක්‍රමයක් අද මං කියලා දෙන්න යන්නේ. මේ ලිපිය මෙච්චර ඉක්මනට  දාන්න ප්‍රධාන හේතුව උනේ ගොඩක් යාලුවෝ Fb එකෙන් ඉල්ල්ලල තිබුනා ඊලග ලිපියත් දාන්න කියලා.ඉතින් එහෙනම් අහගනිල්ලකෝ.. 
අද කියලා දෙන්නේ කොම්පීතරෙකින් කොහොමද Android Root කරන්නේ කීලා.  මේකට ගොඩක් සොෆ්ට්වෙයාර් කෑලි තීනවා. ඒ අතරින් ලේසිම එක VRoot තමා. ඇගිල්ලෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න ඕනේ නෑනේ.(කිවුවා හරිද මන්දා.)
හරි අපි වැඩේ පටාන් ගමු.. 

අවශ්‍ය දේවල් :-

හොදින් කැපෙන පිහියක්,
තම්බාගත් අලගෙඩි 2ක්
පොතු ඉවත් කරගත් සුදුලූණු බිකි 2ක්

හෝව්.... වැරදුනා.. මෙන්න මේ ටික සූදානම් කරගන්නකෝ..

*මේක බාගන්න - Download VRoot


*ෆෝන් එකට සරිලන Data Cable එකක්


*ෆෝන් Modle එකට (Samsung,LG) ගැලපෙන Drivers

(දෙන්න යන්නේ නෑ.හොයාගන්න එක එච්චර අමාරු නෑ. ගූගල් මාමා ඉන්නේ.හොයාගන්න බැරි උනොත් කියන්න,හොයලා දෙන්නම්)

හරි දැන් එහෙනම් දෙමු ගේම. 

ඉස්සල්ලාම ෆෝන් එකට ගැලපෙන Drivers Install කරගන්න කොම් එකට (Restart පාරක් දාන්න ) 
VRoot Soft එක Install කරගෙන Open කරගන්න



දෙන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ USB Debugging Option එක enable කරගන්න.
දන්නේ නැති අයට,



දැන් Data Cable එක හරහා ෆෝන් එක Computer එකට සම්බන්ධ කරන්න.Connect කරපු ගමන් මෙහෙම කැරකෙන්න ගනීවි,



මේ වෙලාවේදී Debugging එක enable කරලද,Com එකට අදාල Drivers Install කරලද,4n එක Root කරලද යන වග සොයා බලනවා. ඊට පස්සේ වැඩේ හරිනම් ඔයාගේ Device එක මෙන්න මේ විදිහට පෙන්නාවි.



දැන් සියල්ල සොයා බලා අවසන්.දැන් කරන්න තියෙන්නේ Root Button එක Click කරන්න. 



ට්ක වේලාවකින් මෙහෙම පණිවිඩයක් ඒවි.ඒත් එකම ෆෝන් එක Restart වෙනවා.

හරි දැන් ඔයාගේ 4n එක රූට් කරල ඉවරයි.හුරේ,,,,........

 ෆෝන් එක ON උනාම බලන්න Apps දෙකක් ඇති Install වෙලා. (භාෂාව ගැන එච්චර හිතන්න එපා)

දැන් රූට්.. එල එල.හරි දැන් ඔයා Super User .දැන් ඉතින් කැමති දෙයක් කොරතැහැකි.


ආ කියන්න බැරිඋනා මේ VRoot එකෙන් පුලුවන් Root කරපු ෆෝන් එකක් UnRoot කරන්නත්.ඒකත් සෑහෙන වටින දෙයක්

වැඩේ කරනකොට විවිද ගැටලු සහගත තත්වයන් ඇතිවෙන්න පුලුවන්.මොනවහරි ප්‍රශ්ණයක් ආවොත් කියන්න.උදව් කරන්නම්.එහෙනම් ඊලග පොස්ටුව SD Card එකෙන් Root කරන හැටි ඈ.. එහෙනම් අපි ගියා.. බායි බායි බබාලා..ජය!

9 comments:

  1. niyamai ban post eka.
    thank aaaa

    ReplyDelete
    Replies
    1. ඕ... අල අල. මේ තැන්කූ ඈ.. උබ ඉතින් අපිත් එක්ක හැමදාම ඉන්න එකානේ. ජය!

      Delete
  2. yaluwa mage galxy s duos2 1e contact okkoma remove wela recover karane kohomada

    ReplyDelete
    Replies
    1. http://www.android-recovery-transfer.com/recover-deleted-contacts-from-android-phone.html

      http://www.recovery-android.com/recover-contacts-from-android.html

      Try this!!

      Delete
  3. Root is done. BUT
    Oops!!!

    phone eka start wena kota "samsung logo" ekata yatin " ! " kaha patin pennanawa :(

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර ගනන් ගන්න එපා. හැම ෆෝන් එකම එකවගේ නෑනේ. Company lock එක කැඩුන නිසයි එහෙම වැටෙන්නේ. අදහසට ස්තූතියි යාලුවා..

      Delete
  4. mage zigo phone eka root una eth dan display eka ennahane.zigo logo eka watila ehemmama thiyenawa.call ehemath enawa

    ReplyDelete
    Replies
    1. යාලුවා හැම ෆෝන් කට්ටකටම මේ වැඩේ දිරවන් නෑ. Samsung,HTC,LG,Nokia වගේ Phone වලට හොදටම වැඩ. vRoot එකෙන්ම Unroot කරන්න බලන්න.එතකොට හරියන්න ඉඩ තියෙනවා. නැත්නම් Hard Reset කරන්න නැත්නම් Firmware Update කරන්න වෙනවා.

      Delete
  5. Samsung s3 SHV-E210K ekata call drop fix karapu honda custom rom ekak thiyanawanam denawada???

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.