Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Android Phone එකක් Root කරනවා කියන්නේ මොකක්ද?

by Unknown  |  in ෆෝන් at  Sunday, July 13, 2014


 අප්පච්චියේ... ඇති මේකට පෝස්ට් එකක්වත් දාන්න හිතුනා.දැන් මාස කීයක්ද ඈ.. මෙහෙම ගියොත්නම් හලියන් නෑ පුතා. හැබැයි මම නෑ කියලනම් සයිබර් එල් කේ එකට එන යාලුවන්ගෙන්නම් අඩුවක් නෑ. එක්සෑම් වලට තව සතියක්වත් නෑ ඔන්න.අද ක්ලාසුත් නෑ.පට්ට කම්මැලී ගෙදර ඉන්නත්.ගෙදර ඉන්නත් එපෙයි! ඇත්තටම ඇයි දන් නෑ මට පෝස්ට් එකක් දාන්න හිතුනේ. අනේ මන්දා.

ඇයි දන්නවද, ජාවා කටු යූස් කරලා කරලා මමත් ඇන්ඩ්‍රොයිඩ් කට්ටකට බැස්සා.බැහැලා දැන් මාස එක හමාරක් වගේ ඇති.ඇරන් සති 2ක් විතර යනකන් මොකූත්ම කලේ නෑ.චූටි බයක් එහෙම තියෙනවනේ ගත්ත අලුත.ටික කාලයක් යනකොට එක එක විකාර ඔලුවට ආවා.ඉතින් ඒ විකාර වලින් දැනට කොරලා තීන්නේ මෙච්චරයි. ෆෝන් එක Root කොලා,තිබුනේ Gingerbird.ඒක අයින් කරලා Jellybean දැම්මා.(දැන් තියෙන්නේ Kitkat),ෆෝන් Unlock කලා (මගේ එක නෙමේ),Firmware Update කලා (මගේ එක නෙමේ),එතකොට Galaxy s (korian) එකකට KitKat දැම්මා (මගේ එක නෙමේ),XBlast Tools,XPosed වලින් වැඩගත්තා,GravityBox වලින් වැඩගත්තා,සිංහල install කලා මීට අමතරව තව තව ආතල් පට්ට වැඩකෑලි අත්හදා බැලුවා.දැන් ඕන Android 4n එකක් ඔට්ටුයි.මොන ගේමක් හරි ගහලා වැඩේ කරන්න පුලුවන්. මේ ඔක්කොම එකින් එක ඔයාලට කියලා දෙන්නම්. මීට වඩා තවත් වැඩ කීලා දෙනවා.

ඔය මොකක් කොරන්නත් අපි මුල ඉදලා අවබෝධයක් ඇතුව කරන්න එපෙයි.කිසි දෙයක් දන්නේ නැතිව මොකුත්ම කරන්න යන්න එපා.අපි අද බලමු 4n එකක් Root කරනවා කියන්නේ මොකක්ද කියලා.රූට් කරන්න ගොඩාක් ක්‍රම තියෙනවා. ඉස්සලම රූට් කරනවා කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නකෝ.අපේ raveen සහෝදරයත් Android ගැන පෝස්ට් දැම්මා මතක ඇතිනේ.
ඇත්තටම Root කලා කියන්නේ ෆෝන් එකේ අධිපති ඔයා.ඔයාට ඕන දෙයක් කරන්න පුලුවන්,ඔයාට ඕන විදිහට හසුරවන්නත් පුලුවන්.ඒ කිවුවේ මෙන්න මෙහෙම,


1.Root Access තියෙන්න ඕන Apps Install කරන්න පුලුවන්( ඒ කිවුවේ   කලින් Install කරන්න බැරි උන ඇප්ස් එහෙම Install කරන්න පුලුවන්)

2.ෆෝන් එකේ පූර්ණ බලතල හිමි වී Super User කෙනෙක් බවට  පත්වීම.

3.කරදරකාරී,අපට වැඩක් නැති System Apps එහෙම Remove කරලා  ෆෝන් එක පිලිවෙලට තියාගන්න පුලුවන්.

4.සිංහල දාන්න පුලුවන්.

5.ෆෝන් එකේ Boot Animation එක වගේ දේවල් වෙනස් කරන්න  පුලුවන්.

6.නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ (Custom roms) 
ස්ථාපනය කරන්න  පුලුවන් (මං Galaxy s එකට කලා වගේ)

7.මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරන්න පුලුවන්.

8.ෆෝන් එකේ interface 
එක තමන්ට ඕන විදිහට Customize කරගන්න  පුලුවන්. (ආතල්ම වැඩේ)

9.Apps එහෙම SD Card එකට install කරන්න
 වගේම Move කරන්න  පුලුවන්

10.මුලු Android System එකම බලාගන්න වගේම ඕන දෙයක් කරන්න පුලුවන් File Manager එක වගේ

11.ෆෝන් එකේ Hardware,firmware වගේ දේවල් Control කරන්න  පුලුවන්.

12.Clockworkmod (cwm) recovery කරන්න පුලුවන්



මේ වගේ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්.ඔය මට මතකෙට ආව ටික.තව වැඩ තියෙනවා.හැමදාම එකම එක යූස් කරලා එපා වෙලානම් පොඩි වෙනසක් අත් විදින්න.( පොඩි නෙමේ ලොකු වෙනසක්) ඇත්තටම රූට් කලාම ගොඩාක් ඇප්ස් තියෙනවා මරු මරු වැඩ කරන්න පුලුවන්.XPosed වගේ දේවල් වලින් සෑහෙන වැඩ කරන්න පුලුවන්.ඒ ඔක්කොම ඉදිරියේදී බලාපොරොත්තු වන්න. රැදී සිටියාට තුති! නැවතත් සුපුරුදු වැඩ සටහන! 

හරි අපි දැන් කතා කලේ ෆෝන් එක රූට් කලාම තියෙන වාසිනේ.ඒ වගේම රූට් කලාම අවාසිත් තියෙනවා. හැම දේකටම වාසි පැත්තක් වගේම අවාසි පැත්තකුත් තියෙනවනේ.. ඒ මෙන්න මෙවුවා,


**ප්‍රධාන කාරණය තමා 4n එකේ Warrantyනැතිවෙන එක.ඔයාගේ ෆෝන් එක රූට් කලාම 4n එක ගත්ත පොට් එකෙන් ඔයාගේ ෆොන් එකට වගකියන් නෑ. මොකද Super User ඔයානේ.

**ගැලපෙන් නැති Apps,Firmware වගේ දේවල් Install උනොත් ෆෝන් එකේ කාර්යක්ෂමතාවය අඩුවෙනවා.(ඒක ඉතින් අපේ වැඩක්.එහෙම වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි )

**වයිරස් ආසාදන වැනි දේවල් වලට ගොදුරු වීමේ හැකියාවක් ලාවට තියෙනවා. (ඒකත් ඉතින් අපේ වැඩක්.
එහෙම වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.)


ෆෝන් එකක් රූට් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. SD Card එකෙන් Root කරන්න පුලුවන්. පරිගණකයට සම්බන්ධ කරලා වෙනත් මෘදුකාංගයක් හරහා Root කරන්න පුලුවන්. අපි ඉදිරියේදී බලමු ෆෝන් එකක් නිවැරදිව රූට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මං කැපුනා,ඌයි.....

ආ ඔය තීන්නේ මගේ මෙවුවා එකේ Screenshot එකක්.අපිට කොහෙන්ද ඉතින් හයි ෆයි එවුවා.






                                            

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. thanks macho mewa kiyanawata. software ekkin root karana widiyath ikmanta kiyapan

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ.. ස්තූතියි අදහසට

      Delete
  3. ea samusng galaxy y ekatath puluwanda kitkad danna

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒවා පස්සේ කියලා දෙන්නම් ඈ.. හදිස්සිනම් PM එකක් දාන්න.

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.