Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ගේමක් නැතිව අනුන්ගේ ip උස්සමු..

by Unknown  |  in කැත වැඩ at  Thursday, September 12, 2013

          (ඉගෙන ගැනීම පිණිස පමනි)
           කොහොමද යාලුවනේ..ගොඩක් දවසකින් ලිපියක් දාන්න හිතුනේ.කලින් හිතුනට මොකද වෙලාවක් තිබුන් නෑනේ.. දැන් තමා ක්ලාස් ඉවරවෙලා ගෙදරට ගොඩ වැදුනේ..වැස්සත් පායලා..උදේ ඉදන් කරන්ට් එකත් නෑ.ට්‍රාන්ස්ෆෝමරයකට කෙල වෙලා කියන්නේ.. අපිට මොකෝ නේද? 

          සමහරු ටිකක් දැන ගත්තු පලියට කියවන,නටන්න හදන කට්ටිය මට ඕන තරම් හම්බෙලා තියෙනවා.මට එහෙම මිනිස්සු දිරවන් නෑ.මම නිශ්ශබ්දව නටන්නේ නැතිව මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.හැමෝටමයි මම කියන්නේ.මේ ලෝකේ අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ඒක නිසා ටිකක් දැනගත්ත පලියට කෑ ගහන්න එපා.ඒ තලේ හොදට දන්න එක්කෙනෙක් හිටියොත් එයාට පෙනෙන්නේ ඔයාව මෝඩයෙක් විදිහට.ඔන්න පොඩි අවවාදයකුත් දුන්නා.

          ඔයාලා හොද බබාලානම් නරක ගේම් දෙන්නේ නෑනේ.. නරක ගේම් කිවුවේ Hacking වගේ දේවල් වලට.මම Hacking ගැන දාන්නේ කට්ටියගේ ඉගෙන ගැනීම පිනිස පමනයි (ඔය කිවුවට පෙරේදා හොද ගේමක් දුන්නා) යම් පුද්ගලයෙක් අන්තර්ජාලය භාවිතා කරන්නේද එම පුද්ගලයා හට ඉන්ටනෙට් ප්‍රොටොකෝලයක් හෙවත් IP ලිපිනයක් ඇත.එම ip ලිපිනය ආධාරයෙන් අප්‍රමාන දරුණු වැඩ කල හැකිය.(දන්නෝ දනිති) !! කියන්නා කෙසේ කීවත් කරන්නා සිහිබුද්දියෙන් කෙරිය යුතුය. හෝ හෝ. භාෂාව වෙනස් උනා. හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ. වෙනත් කෙනෙකුගේ IP ලිපිනයක් උස්සන විදිහයි.(උස්සනවා කිවුවේ අහලා ඉල්ලගන්නවා කියන එක නෙමේ ඈ..) IP එක උස්සන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒත් ඒවගෙන් ලේසි ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා.හරි වැඩේ පටාන් ගමු..





ඉස්සල්ලාම Free Hosting එකක් හදාගන්න ඕනේ.. ආ මේ ටිකෙන් කැමති එකක රෙජිස්ටර් වෙන්න ඈ..









හරි දැන් ලස්සනට අකවුන්ට් එක හදාගන්න ඇතිනේ නේද.. දැන් ඔයා පහල තියෙන ටික Notepad එකක .php එකක් විදිහට save කරගන්න.

ex::   index.php


<?
$file = "ip.txt";
$ip = $_SERVER['REMOTE_ADDR'];
$handle = fopen($file, 'a');
fwrite($handle, "IP Address: ");
fwrite($handle, "$ip");
fwrite($handle, "\n");
fclose($handle);
?>


ඔන්න දැන් ඒ save කරගත්තු file එක හදාගත්ත Hosting  එකට Host කරන්නයි තියෙන්නේ..ඒක Host කරලා ඒකේ link එක ලබාගන්න
(ex  http://www.podibaba.com/index.php)
ඔන්න දැන් ටොපිය කවන එකයි තියෙන්නේ.ටොපියක් කවන හැටි phishing ලිපියෙදී කියලා දුන්නා.. ( අපේ අයියලා එපා කියද්දී ටොපි දෙන එකේ ඕක මොකක්ද)

Host කරපු index.php එකේ link එක IP එක උස්සන්න ඕන පුද්ගලයාට යවන්න.එයාට ඔයා දුන්න link එකට ගියාම මුකුත් පේන්නේ නෑ.නිකන් හිස් පිටුවකුයි පෙනෙන්නේ.. ඔයාට පුලුවන් ඔයාගේ Orginal Host කරපු සයිට් එකට දාලා හන්ගන්න.(එහෙම කැත වැඩ කරන්න එපා) එහෙම වුනොත් කාටවත් ඔයාව සැක හිතෙන්නේ නෑ.

 හරි දැන් මෑන්ස් ඔයා දුන්න link එකෙන් ගියානේ.දැන් ඔයා අර index.php එක Host කරපු තැන බලන්න ip.txt file එකක් හැදිලා ඇති.අන්න ඒක open කරලා බලන්න.ඔය තියෙන්නේ ගෙඩි පිටින්! 




 කට්ටිය මට කියාවි ඕක හොයාගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියලා. ඒක තමා මම කිවුවේ දන්නෝ දනිති කියලා...  ඉදිරියේදී IP සෙල්ලන් ටිකක් කියලා දෙන්නම්කෝ.එහෙනම් මම කැපුනා.ඔබට ජය!



6 comments:

  1. Replies
    1. ස්තූති වේවා මේ බබාට.. ජය!

      Delete
  2. Replies
    1. අදහසක් දැම්මට ස්තූති වේවා මචෝ..

      Delete
  3. හානේ හෙන magic නේද ?
    php දන්න මම ඔව්වා කරේ 2007

    ReplyDelete
  4. අයියට ජයෙන් ජයම වෙවා

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.