Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

SIM Card ඒකේ නොදත් තතු

by Unknown  |  in ෆෝන් at  Monday, June 24, 2013






                             ගොඩක් දවස්සකින් බ්ලොග් එක පැත්තෙ ආවේ. ඔන්න පොසොන් පෝයත් ඉවර වුනා.කට්ටිය දන්සල් වලට එහෙම වගකියන්න ඇති නේද.බඩේ අමාරුවත් හදාගෙන මේව කියවන්න පුලුවන්ද මන්ද.අමාරුනම් පස්සේ වෙලාවක කියවන්නකෝ.හී.... 
               මට හිතුනා අපි නිතර දෙවේලේ බාවිතා කරන SIM පත ගැන නොදත් කරුනු ටිකක් කියලා දෙන්න.

         ඇත්තටම අපි නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද, SIM  යනු Subscriber Identity Module වේ.මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන SIM එකක් තුල16KB සිට 64KB දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි පනිවිඩ වැනි තොරතුරු විශාල ප්‍රමානයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා.
   


එමෙන්ම සිම් පතක් තුල දුරකතන සම්බන්දතා හා අපගේ තොරතුරුද ඇතුලත් කොට තිබෙනවා. අප භාවිත කරන දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත් වන්නේ SIM Card එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ. 
           
                     ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. SIM Card ක්‍රියාත්මක කර තිබෙන විටදී SIM එක තිබෙන ස්ථානය සොයා ගැනීමට  හැක. එසේ හැකි වන්නේ  LIA යන තාක්ශනය නිසාය. LIA – (Location Area Identify) නිසා එම තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමාන්ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සොයා බැලිය යුතු නැහැ. කෂ්ණික දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වේ.





SIM Card පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI ( International Mobile Subscriber Identity) හෙවත් ඉමිසි අංකයයි. මෙම IMIS එක සෑම GSM (Global System for Mobile communication) වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය අංක 15කින් යුක්තය. මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Micro Chip එකෙහිය. 
මෙම Micro chip එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ ලෝහමය ස්පර්ශක මගිනි.( සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයට මය කොටස්).

 
             හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න SIM පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත් යොදැගැයේ. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආන්ඩුව විසින් ඉලෙක්ට්‍රොනික පුරවැසි හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වා දෙන ලදි. මෙහි සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය කියවීය හැක්කේ PDA - Personal Digital Assistant උපාංගයට සහ පරිගණකයට පමණි. අපේ රටේ එවන් තාක්ශනයක් දැනට නැති උනත් අනාගතයේදී බිහිවේවි.

         මම හිතනවා ඔයාලා SIM Card එක ගැන නොදත් කරුනු දැනගන්න ඇති කියලා.අදහසක් දාලම යන්න.අපි ගියෝ...............

8 comments:

  1. ස්තූතියි Dharshamal Dushmantha .විසිට් පාරක් දැම්මට ස්තූතියි..

    ReplyDelete
  2. Replies
    1. තැන්කූ වේවා අදහසට ජනිත්,!

      Delete
    2. ELA MACHAN BEST

      Delete
    3. තැන්කූ හර්ශණ

      Delete
  3. විටිනව බ්‍රෝ🔥👍

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.