Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ජාල ස්ථල විද්‍යාව(Network Topology)

by Unknown  |  in පරිගණක ජාලකරණය at  Friday, August 09, 2013



පරිගනක ජාලගත කිරීමේදී ඒවා භෞතික වහයෙන් සම්බන්ද කර ඇති අන්දම ඉතාම වැදගත්ය.භෞතික වශයෙන් පරිගණක එකෙනෙක හා සවි කරනු ලබන ආකාරය ජාල ස්ථල විද්‍යාව (Network Topology)ලෙසින් හදුන්වයි.





Star Topology




මෙහිදී පරිගණකය සම්බන්ධ වන්නේ තරුවක හැඩයක් ගන්නා ලෙසිනි.
පරිගණක සියල්ල එකිනෙක හා සම්බන්ද කිරීම සදහා මෙහි මධ‍යේ පරිගණකයක් හෝ වෙනත් උපකරණයක් (නාභියක්-Hub හෝ ස්විචයක්-Switch) භාවිතා කරනු ලබයි.
  තරු ආකාරයේ පරිගණක ජාලයක් ස්ථාපනය කිරීම වඩාත් පහසු අතර දෝෂ සෙවීමත් ඒවා නිරාකරණය කිරීමත් සාපේක්ශව පහසුය.පරිගණක එකෙනෙක හා සම්බන්ද කිරීමට වැඩි වයර ප්‍රමානයක් අවශ්ය වීමත් මධයේ පිහිටි පරිගණකය හෝ අදාළ උපකරණය ක්‍රියා විරහිත වීම සම්පූර්ණ පද්ධතියම ක්‍රියා විරහිත වීමට හේතු වීම මෙහි ඇති ප්‍රධානව අවාසිය වේ..



 



Ring/Loop Topology



මුද්දක් එසේත් නොමැතිනම් වළල්ලක් ආකාරයෙන් පරිගණක එකිනෙක සම්බන්ධ කිරමින් මෙම ජාලය සකස් කරනු ලබයි.පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට අඩු වයර් ප්‍රමාණයක් වැයවීම වාසියක් වුවද එක් පරිගනකයක ක්‍රියාකාරීත්වය ඇණ හිටීම සම්පූර්ණ ජාලයම අඩපණ කිරීමට හේතු වීම මෙහි ඇති ප්‍රධානම අවාසිය වේ.
 




Bus Topology



ප්‍රධාන වයරයක් කේන්ද්‍ර කොටගෙන සියලුම පරිගනක හා අනෙකුත් උපාන්ග එම වයරයටම සම්බන්ද් කරමින් මෙම ජාලය ගොඩනගනු ලබයි.අඩු වයර ප්‍රමානයක් අවශ්‍ය වීමත් ඉතා පහසුවෙන් පරිගනක හා අනෙකුත් උපාන්ග සවි කළ හැකි වීමත් මෙහි ඇති වාසි ලෙස දැක්විය හැක.සම්පූර්ණ ජාලයම ප්‍රධාන වයරය මත යැපීම මෙහි ඇති අවාසියකි.එසේම මෙම ප්‍රදාන වයරය දෙකෙලවරින්ම වසා දැමීමද තරමක් කරදරකාරී වේ.

 


Tree Topology



ගසක අතු බෙදෙන ආකාරයෙන් සකස් වී ඇති පරිගණක ජාල,රුක් ආකාර පරිගණක ජාල ලෙස හැදින්වේ.නෙවැනි ජාලයකදී එක් එක් අත්ත වෙන වෙනම පාලනය කල හැකි වීම වාසියකි.කෙසේ උවත් ජාලය ගොඩනැගීම සහා පාලනය කිරීම මදක් සන්කීර්න කටයුත්තකි.එමෙන්ම මෙම ජාලයේ අතු සම්බන්ධ කිරීම සදහා බසයක ආකාරයේ (Bus Topology)ජාල සදහා භාවිතා වූ ප්‍රධාන වයරයක් සම්බන්ධ වන හෙයින්,ඒ මත ජාලය ක්‍රියාකාරීත්වය රදා පැවතීම ගැටලු සහගත වේ..



අම්මෝ කොටලා කොටලා අතත් රිදෙනවා...ඊලග පෝස්ට් එක Main types of computer network..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.