Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Android Phone එක සම්බන්ධ කොට පරිගණකයෙන් Internet යමු (Pc suite අනවශ්‍යයි) !

by Unknown  |  in ෆෝන් at  Sunday, September 14, 2014



ආ.. කෝමද,කෝමද.. ඉස්සල්ලාම කියන්න ඕනේ සුභ දවසක් වෙන්න කීලා.. මටනම් පජාත දවසක් වෙයිද දන් නෑ. මොකද අද දවසම ගෙදර තැම්බෙන්න වෙන්නේ.ආසාවට අද ක්ලාස් එකක්වත් නෑ. දවස් ගානකින් පෝස්ටුවක් එබුවේ නැති නිසා එන්ටර් උනා ඔන්න.

අද කියන්න යන්නේ කොහොමද උණබට මැල්ලුමක් සාදාගන්නේ කියලා.මේකට අපිට උවමනා කරනවා මෙන්න මේ දේවල්.


  • හොදින් මෝරපු උණ දණ්ඩක්,
  • වලස් තෙල් ටිකක්,
  • මදුරු දෙන්නෙක්ගේ තටු,
  • කලු නික ස්වල්පයක්,
  • මෝල් ගහෙන් ලබා ගත් දලු,
  • ඉබ්බාගේ පිහාටු කිහිපයක්,


අපොයි මේක දිග වැඩියි.ඒ නිසා කියලා දෙන්නම් වෙන දෙයක්.

ඔයාගේ Android Phone එක Connect කරලා පරිගණකය හරහා Internet යන විදිහ කියලා දෙන්නයි යන්නේ. ( PC Suite අනවශ්‍යයි.) ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුනා මගේ ෆෝන් එකට PC Suite හොයලා දෙන්න කියලා. සමහරක් ෆෝන් වලට PC Suite හොයන්න මාර කට්ටක් කන්න ඕනේ.ඒත් දැන් එහෙම PC Suite හොය හොයා ඉන්න ඕනේ නෑ.වැඩේ කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්මයි.හරිම ලේසියි. 

මේ ක්‍රමේ ගොඩක් දෙනා දන්න දෙයක්.ඒත් සමහරක් කට්ටිය දන්නේ නැති නිසා මට හිතුනා කියලා දෙන්න ඕනේ කියලා.

මේකට විශේශ මුකුත් ඕනේ නෑ (වලස් තෙල් එහෙම) ඕනි කරන්නේ Data Cable එක විතරයි. ගොඩක් Smart Phone තියන කට්ටිය ගාව Data Cable අනිවා තියෙනවනේ. හරි අපි වැඩේට බහිමු.

ඉස්සල්ලාම කරන්න ඕනේ ෆොන් එකේ Mobile Data Connection ON කරන එක.

 Settings > Wireless & networks > Mobile Networks > Data enabled

දැන් Phone එක කොම්පීටරේටData Cable Plug කරලා ෆෝන් එකට සම්බන්ධ කරන්න. Storage එක එහෙම Connect කරන්න යන්න එපා. මුකුත්ම Connect කරන්න එපා. දැන් පහල පියවර අනුගමනය කරන්න.

Settings > Wireless & networks > Tethering & Portable hospot > USB tethering



USB tethering කියන එකට ටික් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම Connect වෙන්න ගනී.


 මෙහෙම Connect වෙන්න ටික වෙලාවක් ගන්නවා.


ඇත්තටම මේක සිරාම සුපිරි වැඩක්. ඩොගවල් ඕනේ නෑ. සිම් ගලවා ගලවා ඉන්න ඕනේ නෑ. සුපිරිම Speed එකක් තියෙනවා.මගෙනම් ගින්දර.

එහෙනම් මචන්ලා.. දන් නැති අයට කිවේ ඈ.. අපි කැපෙන්න කියලා. තාම මූන හේදුවෙත් නෑ ඕයි. වොශ් එකක් දාගෙන එන්නම්කො.. බායි බායි.. සී යූ...

4 comments:

  1. මාත් මේ සිස්ටම් එක හොය හොය් හිටියෙ! එල මචෝ. තෑන්ක්ස් වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ දැනෙන සතුට. මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනේ. එල එල. අදහසට ස්තූතියි චතුරන්ග

      Delete
  2. nokia වලින් ඔය පාරෙ ගියාට sam sung වලට හරිමදිවගේ
    දැනුත් nokia හරහා තමයි තමයි මේ

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.