Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නිතර නිතර ඇතිවෙන windows දෝෂ පන්නමු!

by Unknown  |  in වෙනත් at  Sunday, June 15, 2014

අම්බෝ.............. කාලෙකින් බ්ලොගියට බැස්සේ ....... කස්ටිය ගොඩක් ඇවිල්ල නොව......
කාලෙකින් දාන පොස්ටුව වටිනා එකක් වෙන්න ඕනේ නොවැ........

ඒ නිසා අද ගේනවා පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්..... 
මේක පාවිච්චියට පෙර පොඩ්ඩක් පොස්ටුව කියෙව්වනම් තමා මචන්ලා හොද...........



අද මන් කියන්න යන්නේ Winows සුවපත් කිරීමක් ගැන.... මේක ඇවිල්ල පොඩි Softwere එකක් .....
එකේ නම කියනවනම් fixwin කියල පොඩි Softwere එකක්.

 මෙන්න කැල්ල Download කරගන්න..... Fixwin

මෙම කුඩා වැඩසටහන කස්ටියගේ Windows වල නිතර නිතර මතුවෙන ගැටළු වලට විසදුම් දෙනවා.
මේක install කරපු ගමන් කරන්න පොඩි වැඩක් තියෙනවා.ඒ තමා ,

1. මේකේ එන System File Checker Utility එක ඉස්සෙල්ලම ක්‍රියාත්මක කරගන්න(SFC).මේකෙන් කරන්නේ windows හි ප්‍රදාන Data Base එකක් වන System File Chek කිරීමයි.මොකද කියනවනම්  ; Windows එකේ System File නැතහොත් පාලක පද්දතිය ක්‍රියා කිරීමට අවශ්‍ය ප්‍රදාන ගොනු සහ අනෙකුත් දත්තයන් නිසිසේ නොතිබුණහොත් fixwin වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපහසුවීමයි.කොමහරි ඔයාගේ System files අකර්මන්‍ය වී 'වචන බර වැඩිද මන්ද..???????' විනාශ{Damage} වෙලා වගේනම් ඒවා හරි ගස්සන්න fixwin උදව් වෙනවා.

2. Creat system Resote point , fixwin තියෙන මෙම පහසුකම පනගැන්නුවම computer එකේ යම් වෙනසක් කරීමට ඉස්සෙල්ලා {Theam install කලාම වගේ.}  පාලක වැඩසටහනේ සම්පුර්ණ පිටපතක් ගන්න පුළුවන්.
මේක ගොඩක් වැදගත් පියවරක්.

දැන් fixwin එකේ වැඩේ පටන්ගන්න පුළුවන්.
fixwin එක computer එකේ වැරදි කාණ්ඩ කීපයකට බෙදනවා.....;;;

Windows Explore
Internet
Media
System
Miscellaneous

වගේ වැරදි....

මෙහම වර්ගයක් සදහම ඒවාට අදාල වැරදි මොනවද කියල එකිනෙකට ඔයාලට පෙන්නනවා.ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් Registry වෙනස් කරල මේවා හදාගන්න පුලුවන් කියල.තව එකක් හැමවෙලාවෙම එක වැරද්දක් නිවැරදි කරලා computer එක restart කරනවනම් ගොඩක් හොදයි.ඒකට හේතුව තමයි මොන ආකාරයකින් හරි වැරැද්ද නිවැරදි කිරීමෙන් පස්සේ computer එකේ ක්‍රියාකාරිත්වය වෙනස් උනොත් එක මොකද්ද කියල හොයාගන්න ලේසි වෙන නිසා.

fixwin මේකේ ඉතින් තවත් වැදගත් Function එකක් විදිහට කියන්න පුළුවන් යම් ආකාරයකින් Virus නිසා අබලන්ව පවතින Windows Task Manager, Command Prompt Registry වැනි පහසුකම් තිබුන විදිහට ගන්න පුළුවන් වීමයි . හරිය... හැබයි මන් Recomend කරන්නේ නැ මේක Virus අල්ලන Anti Virus මෘදුකාංගයක් කියල..............


තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්න.fixwin එකෙන් විසදන දෝෂ එතරම් බරපතල වැරදි නොවීමයි.වෙලාවක් fixwin වැරැද්ද හොයල එක විසදන්න හදල බරිඋ උනොත් ඒක එසේමෙසේ වැරද්දක් නෙමේ බව කරුණාවෙන් සලකන්න.

පොදුවේ ගත් කල fixwin කියන්නේ windows මෙහෙයුම් පද්දතියේ නිතර නිතර මතක් වෙන සම හරක් දෝෂ විසදගන්න හොද මෙවලමක් වෙනවා.

එහෙනම් මන් යනවා ....... මන් මෙ කියපු Softwere එක වටිනවා කියල මන් හිතනවා.....
ඔයගොල්ලොන්ටත් වටිනවා කියල හිතෙනවනම් Comment එකක් දාගෙනම යන්න.
තවත් මේවගේ පොස්ටුවකින් හම්බවෙමු.
                                             
                                                       සුබ දවසක් වේවා.!!!! 

5 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.