සිරාවටම
සෑහෙන කාලෙකින් තමා ලිපියක් දාන්නේ.අනේ පනේ කියන්න දේවල්නම් ගොඩායි..
සැප්තැම්බර්
මාසේ එක ලිපියයි, ඔක්තොම්බර් මාසේ එක ලිපියයි, කොහොමද ආතල් එක. ගොඩක් අය අහනව දැන් සයිට් එකට ලිපි ලියන එක නවත්තලාද කියන එක. අනේ නෑ හොදේ, ලිපියක් දාන්න වෙලාවක් නෑ. 2015 අගෝස්තු ලංවෙනකොට පස්ස රත් වෙන්න ගන්නවනේ. ඊටත් ලිපියක් දාන්න පට්ට කම්මැලි.දැන් වැඩිය කොම්පීතරේ අල්ලන් නෑ මොකද පෝන් එක තියනවනේ, මමත් ඇමති කෙනෙක් වගේ යන්නයි යන්නේ ( බොරු පොරොන්දු දීලා ) Domain පෝස්ට් සෙට් එකෙන් තව තියෙනවා ලිපි 2ක් දාන්න, ඒ වගේම Remote Keylogger ගැන වගේම තවත් ලිපි ටිකක් දාන්නම් කියලා පොරොන්දු උනා. අනේ කොල්ලෝ.. අනිවා දානවා ඈ.. ඒවා තඩි ලිපි අප්පා.කොටන්න ගියාම එපා වෙනවා.
මම
වගේම රවීන් සහෝදරයටත් එහෙමයි.එයා තමා ඔක්තොම්බර් මාසෙටවත් ලිපියක් දැම්මේ. අපිට පුලුවන් පුලුවන් වෙලාවට අපි ලිපි දානවා. මොකද වැඩි කල් නෑ එක්සෑම් වලට.
හරි
කයිය ඕනේ නෑ වැඩේට බහිමු. මෙන්න මේකයි සිද්දිය,
ගොඩක්
අයට තියෙන ප්රශ්ණයක් තමා Facebook Page එකක් හැදුවත් Likes නැතිකම. සමහරුන්ගේ Page වල Likes 2000,3000 තියෙනවා දැකලා ඇති. සමහර ආයතන වලින් අද
පෙජ් එකක් හැදුවොත් හෙට වෙනකොට වගේ Likes 4000,1k තීනවා,ඒගොල්ලොත් කරන්නේ මෙන්න මේ වැඩේ තමයි.(හැබැයි සල්ලි ගෙවලා) මීට අමතරව ප්රධාන වශයෙන් කරන්නේ Fiverr වලින් Gig එකක් Buy කරන එක, ලේසිම වැඩේ.
එයාලා
කොහොම කලත් ඔයාලට $ නෑ කියලා හිතමුකෝ. ඒකයි මෙන්න මේ සිද්ධිය කියන්න හදන්නේ. මේක ටිකක් විතර කම්මැලි වැඩක්.නෑ එච්චර කම්මැලි නෑ.
මෙන්න
මේකයි සයිට් එක.මේක social exchange සයිට් එකක්. මේකෙන් Facebook Likes වලට අමතරව මෙන්න මේ දේවල් ගන්න පුලුවන්.
- Facebook
Likes
- Facebook
Share
- Facebook
Followers
- Facebook
Post Like
- FB
Post Share
- Instagram
Followers
- Instagram
Likes
- Twitter Followers
- Twitter
Tweets
- Twitter
Retweets
- Twitter
Favorites
- YouTube
Subscribe
- YouTube
Likes
- YouTube
Favorites
- YouTube
Views
- Google
Circles
- Google
Share
social exchange කිව්වේ කට කහනවටැයි.මේ වගේ සයිට් exchange ගොඩක් තිබුනා පට්ට ඒවා.
මම
හොදම සයිට් දෙකක් දෙන්නම්.
රෙජිස්ටර්
වෙන එක එච්චර දෙයක් නෙවේනේ.එතනින් එහා කියලා දෙන්න ඕනේ නෑ කියලා හිතනවා . මේවගේ ගණුදෙනු සිද්දවෙන්නේ Coins වලට.ඔයා රෙජිස්ටර් වෙනකොට ඔයාට Free Coins හම්බෙනවා.ඒ ටික ඉවරවෙනකොට ආයේ Coins එකතු කරගන්න වෙනවා.එතකොට කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ,Facebook
Likes,Facebook
Share,Facebook
Followers,Facebook
Post Like,FB
Post Share,Instagram
Followers,Instagram
Likes,Twitter Followers,Twitter
Tweets,Twitter
Retweets,Twitter
Favorites,YouTube
Subscribe,YouTube
Likes,YouTube
Favorites,YouTube
Views,Google
Circles,Google
Share කරන්න වගේ. (බැලුවම තේරෙනවා)
මීට අමතරව කාලෙන් කාලෙට ඔයාට බෝනස් කොයින්ස් හම්බෙනවා.මේ සයිට් වල තියෙනවා Add page/Add site කියලා එකක්.ඒකෙන් ගිහින් ඔයාලට පේජ් එක add කරගන්න පුලුවන්. Like එකකට ලබා දෙන Coins ගාන තීරණය කරන්න. අඩු Coins ගානක් ලබා දුන්නොත් Likes එන්න ටිකක් වෙලා යනවා. Coins ගාන වැඩි වෙන තරමට ලයික් ලැබීම ඉක්මන් වෙනවා.
තව කියන්න දේවල් තීනවා,ඒත් ලිපිය මෙතනින් නතර කරනවා. වැඩේ කරගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියන්න.ලිපියේ ඉතුරු ටිකත් Update කරන්නම්.
එහෙනම් තටා... බායි බායි... සුභ ගමාන්.....අපි ගියා ඈ..