Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

එක Click එකෙන් Facebook Group ඔක්කොටම පෝස්ට් දාමු!

by Unknown  |  in Facebook at  Tuesday, November 03, 2015



අපෙ වෙබ් එකට Page views ලක්ශ දෙකක් සම්පූර්ණ වෙලා.කාලයක් අතෑරලා දාලනේ තිබුනේ.දැන් අපි ඒක හෙමින් හෙමින් නංගලා ගමුකෝ.
සමහර අය දවසම ගත කරන්නේ බුකියෙනේ.ඒත් මමනම් යන්නේ කලා තුරකින්.රෑට ගිහින් බලනවා අලුත් විස්තර මොනවද කියලා.ලයික් එකක් කමේන්ට් එකක් දාලා නිකන් ඉන්නවා.මම ඇබ්බැහි වෙලානම් නෑ බුකියට.

ගොඩක් අයගේ website අනන් මනන් Promote කරන්න එක එක Facebook Groups වලට Post කරනවා නේද?
අපි හිතමු ඔයා Facebook Group 370 කට join වෙලා ඉන්නවා.ඉතින් ඒ ඔක්කොටම ඔයාගේ පොස්ට් එක Post කරන්න ගියොත් කොච්චර වෙලාවක් යයිද? කොච්චර ඩේටා ප්‍රමාණයක් වැය වෙයිද? ඒකට විසදුමක් මම අද ගෙනාවා.
මේ Facebook auto poster එකක්. 

www.ezeFb.com

 එක ක්ලික් එකෙන් ඔයාගේ Groups ඔක්කොටම Post කරන්න පුලුවන්. එහෙම එක වැර Post දාන්න ගියොත් Facebook එකෙන් ඔයාව Block කරනවා.ඒක නිසා මේ සයිට් එකෙන් කරන්නේ අවශ්‍ය කාලසීමාවකට වරක් පෝස්ට් පලකිරීමයි.අවශ්‍ය කාලසීමාව ඔබට තීරණය කරන්න පුලුවන්. කියන්න සතුටුයි මේක හදලා තියෙන්නේ ලංකාවේ සිංහල කොල්ලෙක්.අපේ දේ අගය කරන්න ඕනේ නිසා මම අද මේ සයිට් එක ඔයාලට හදුන්වා දෙන්නම්.

මේක ක්‍රියාත්මක කරන්න Facebook app එකක් උවමනා කරනවා.ඒක හැබැයි හදාගන්න ඔනේ User විසින්මයි.මේ සයිට් එකෙන් කරන්නේ Post Schedule කරන එක විතරයි.ඔයාලගේ Facebook User name,password සමග කිසිම සම්බන්ධතාවයක් නෑ.ඒ නිසා මේ 100%ක් ආරක්ශිතයි කියලා වගකීමෙන් කියන්න පුලුවන්! මේකෙ User guide එක බැලුවම ඔයාලට පැහැදිලි වෙයි.ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. User guide එකක් තියෙන නිසා ම්ම මෙතන විස්තර කරන්න යන්නේ නැ. ගැටලුවක් එහෙම තියෙනවනම් මට email එකක් දාන්න.


ඔයා පෝස්ට් Schedule එක හදලා Publish කලාට පස්සේ ඒවා FB Groups වලට පෝස්ට් වෙන්න ඔයාගේ නෙට් කනෙක්ශන් එක බලපාන්නේ නෑ.ඒ නිසා Publish කරලා නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කලත් අව්ලක් නෑ.ඒවා නියමිත කාලසීමාවේදී පෝස්ට් වේවි.

මේකේ Fb group post වලට අමතරව තව පහසුකම් තියෙනවා.ගිහින්ම බලන්න. පමණට වඩා මෙය භාවිතා කිරීමෙන් ෆේස්බුක් අකව්න්ට් එක Suspend වෙන්න පුලුවන්.ඒ නිසා දවසකට වරක් හෝ කලාතුරකින් Auto post දැමීම යෝග්‍ය වේ.ෆේක් එකකින් දානවනම් තවත් හොදයි.මොකද Original එක බ්ලොක් උනොත් මොන දෙයියන්ට කියන්නද?

එහෙනම් නැවත පෝස්ටුවකින් හමුවෙමු! කමේන්ටුවක් දාලා අදහසක් එහෙම දාලා යන්න. ජය!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.