Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Search Engine එකකින් එහා ගිය Google රහස් !!

by Unknown  |  in දැනුමට යමක් at  Friday, April 18, 2014

කොහොමද යාලුවනේ.... කාලෙකින් තම ඉතින් පොස්ටුවක් දාන්නේ....Times නැ මචන්ලා......
                                        අද මන් කියන්න යන්නේ..... Google ලා ගැන පොඩි දෙයක්......



                                                                            Google කියන්නේ මොකද්ද කියල ඔයාල දන්නවනේ.....                                            
                    Google  කියන්නේ වර්තමානයේ ජනප්‍රියම සෙව්ම් යන්ත්‍රයක් නොහොත් Search Engine එකක්නෙ..... ලංකාවේ අපේ කස්ටිය ඉතින් වාර්තා තිබ්බෙත් මේ සෙව්ම් යන්ත්‍රයෙන් නේ.... හරි ඒවා වෙලා ඉවරයිනේ.......


                                                                   Google Blogs , Google Cloud , Gmail , Google+ , Google Map , Google Play මේවා ඉතින් ඒකෙන් දෙන අමතර සේවාවන් කියල කව්රුත් දන්නවනේ.....

 මීට අමතරව Google වලින් දෙන තවත් සේවාවන් ටිකක කියන්න තමා මන් ලෑස්තිවෙන්නේ....
හරි එහෙනම් වැඩේ කරමුකෝ....... එකෙන්ම කියන්නම් ...



1.    Google Calculator
 


                                Google මගින් කස්ටියට විසදගන්න බැරි ගණිත ගැටළු විසදගන්න පුළුවන්.....
මෙච්චරයි කරන්න ඕනේ.... Search Bar එකේ  ‘What is’ ( ඔය උපුටගැනීමේ ලක්ෂණ ඕනේ නැ )  කියල Type කරල විසදගන්න ඕනේ ගැටලුව ගහන්න....ගහල Enter කරන්න...
Eg :- What is 15+45+50+6(5-2)  ඊටපස්සේ ඔයාට Google Cal. එකට පිවිසෙනවා... හරිනේ...
ඔකේ ඔයාට එකවර ඉලක්කම් 32 Type කරන්න පුලුවන්.මේකේ අනිත් විශේෂාංගය තමා මේක Scientific Cal එකක් විදිහටද පාවිච්චි කරන්න පුළුවන්......

2.    Google Dictionary



                                අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න පුළුවන් විශිෂ්ටතම භාෂා පරිවර්තන සේවය ඇත්තේ Google සතුවයි.Search Bar එකේ ‘Define :’ කොටලා ඔයාට ඕනේ වචනෙත් කොටලා Enter කරන්න.
මේකෙදි ඔයට ඔයාගේ වචනේ ශබ්ද කරන ආකාරයත් වචනෙ එක්ක තියෙන Speaker Icon එක Click කරල Audio ව්දිහට ගන්න පුළුවන්....
Eg:- Define : Car

3.    Google මාර්ගෝපදේශකය



                               කස්ටිය trip එකක් එහෙම යනවා නම් එතනට තියෙන දුර ,  යන්න පුළුවන් කෙටිම මග දැනගන්න පුළුවන්.කරන්න ඕනේ මෙච්චරයි Google Search Bar එකේ අදාල නගර දෙක මැදට 'To' වචනය Type කරලා Enter කරන්න...
Eg:- Avissawella To Colombo
  ඔහොම ගහල Enter කලාම යන්න පුළුවන් කෙටිම මග පෙන්නනවා...
ඔය පෙනෙන මැප් එක Click කරල නිල්පාට ඉර Drag කරල සුදුසු මාර්ගය තෝරාගන්න පුළුවන්....

4.    Google Unit Converter 



          මේක ඇවිල්ල unit converter එකක් .. මොකද්ද කියලා කියන්න ඕනේ නැනේ.... කස්ටියම දන්නවනේ..මේකෙන් ඔයලට දැනගන්න පුළුවන් ඩොලර් 100කට තියෙන රුපියල් ගාන , ග්‍රෑම් 100කට රාත්තල් ගාන වගේ ඒවා...කරන්න ඕනේ  in දාන එක විතරයි ..... 
Eg:- 100 USD in LKR / 300g in lbs

5.    සීමාවක් තුල Search කිරීම



              ඔයට phone එක්ක  ඕනේ කියල හිතන්න , හැබයි ඔය ලග තියෙන්නේ රුපියල් 20000. නම් ඔයගනට phones  හොයන්න ඕනනේ .හැබයි මේකෙන් හොයන්න ඕනේ නැ .Google ලා හොයල දෙනවා.ඔයාට දැනගන්න ඕනේ ඕනෑම දෙයක් මේකෙන් හොයාගන්න උළුවන් සීමාවක් තුල..
Eg:-Phones for Rs. 10000..20000(ඔය .. දෙක අනිවාර්යයි)
                   මේ Search Result එක තව පටු කරගන්න ඕනේ නම්. Sl Phones for Rs. 10000..20000 කයල ගැහුවනම් හරි.


මන් හිතනවා කස්ටියට මේක වැදගත් වෙන්න ඇති කියලා.....
                 type කරලා මගේ ඇගිලිත් රිදෙනවා..... හිත සැනසෙන්නත් එක්ක Comment එකක් දාගෙනම යන්න හොදේ....
             ආයේ මේවගේ පොස්ට් එකක් අරගෙන එන්නම්.........

                                  මන් ගිය එහෙනම් කස්ටියට ජය වේවා.!!!!!!!!!

6 comments:

  1. සෑහෙන වටින ලිපියක් මචෝ.. එල. ගොඩක් වටින

    ReplyDelete
    Replies
    1. තැනකු මචං කොමෙන්ට් එකට !!!!!!!!!!!!

      Delete
  2. Replies
    1. තැනකු ආ........ එල එල ...

      Delete
  3. Replies
    1. ගොඩක් තැනකු මචං කොමෙන්ටුවට..... එල එල

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.